ආල්ලාහ්ගේ මාර්ගයේ ආකාර දෙකකින් වියදම් කරන්නා ස්වර්ගයේ දොරටු අතරින්, අහෝ අල්ලාහ්ගේ ගැත්තනි! මෙය යහපතකි. යැයි පවසා ඇරයුම් කරනු ලැබේ. එමෙන්ම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතරින් කෙනකු වූයේද ඔහුව සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු ජිහාද්හි නිරතවන්නන් අතරින් කෙනෙකු වූයේද ඔහුව ජිහාද්හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ආහාර දෙකකින් වියදම් කරන්නා ස්වර්ගයේ දොරටු අතරින්, අහෝ අල්ලාහ්ගේ ගැත්තනි මෙය යහපතකි. යැයි පවසා ඇරයුම් කරනු ලැබේ. එමෙන්ම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතරින් කෙනකු වූයේද ඔහුව සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු ජිහාද්හි නිරතවන්නන් අතරින් කෙනෙකු වූයේද ඔහුව ජිහාද්හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු උපවාස ශීලය රකින්නන් අතරින් වූයේද ඔහුව රය්යාන් නම් දොරටුවන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු සදකා දෙන අය අතරින් වූයේද ඔහුව සදකාවේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. (එවිට) අබූ බක්කර් තුමා, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ පියා හා මාගේ මව ඔබට කැප කරමින් පවසමි. එම දොරටුවලින් ඇරයුම් කරනු ලබන්නන් හට (දුක් වන්නට) කිසිදු හේතුවක් නොවනු ඇත. නමුත් ඒ සියලු දොරටුවලින් කිසිවකු ඇරයුම් කරනු ලබනු ඇත්දැ?“යි විමසා සිටියේය. එවිට එතුමා, “එසේය ඔබත් ඔවුන් අතුරින් වන්නට මම ආශා කරමි“ යැයි පැවසූහ.
Explanation
අධික වශයෙන් සලාතය ඉටු කළවුන් සලාතයේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගට පිවිසෙනු ඇත.අධික වශයෙන් සදකා දුන් අය සදකාවේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත. අධික වශයෙන් උපවාසයේ නිරත වූවන්ට රය්යාන් නම් දොරටුව අබියස මලක්වරු ඔවුන් සාදරයෙන් පිළිගෙන ස්වර්ගයට පිවිසෙන මෙන් කැඳවති. රය්යාන් යනු පිපාසය සංසිදුවන ස්ථානයකි. හේතුව උපවාසයේ නිරත වූවන් ජලය පානය කිරීමෙන් වැළකී පිපාසයෙන් සිටින බැවිනි. විශේෂයෙන් ග්රීස්ම සෘතුවෙහි ඔවුන් පිපාසයෙන් සිටියහ. එහෙයින් ඔවුන්ගේ පිපාසය සඳහා කිසි විටෙක පිපාසය ඇති නොවන ස්වරගය පිරිනමනු ලබති. ඔවුහු එම දොරටුවෙන් ස්වර්ගය වෙත පිවිසෙනු ඇත.
අබූ බක්කර් තුමා මෙයට සවන් දුන් කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ පියා හා මාගේ මව ඔබට කැප කරමින් පවසමි. එම දොරටුවලින් ඇරයුම් කරනු ලබන්නන් හට (දුක් වන්නට) කිසිදු හේතුවක් නොවනු ඇත. නමුත් ඒ සියලු දොරටුවලින් කිසිවකු ඇරයුම් කරනු ලබනු ඇත්දැ?“යි විමසා සිටියේය. එවිට එතුමා “එසේය ඔබත් ඔවුන් අතුරින් වන්නට මම ආශා කරමි“ යැයි පැවසූහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

