මතුලොව විෂයයෙහි මෙලොව වනාහි ඔබ අතුරින් කිසිවකු තම ඇගිල්ල මුහුදට දමා එහි තැවරෙන දෑ මෙන් මිස නැත. නැවත හැරී එනුයේ කුමක් දැයි අවධානයෙන් බලත්වා!
Choose an available translation of this Hadeeth
Hadeeth text
මුස්තව්රිද් ඉබ්නු ෂද්දාද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මතුලොව විෂයයෙහි මෙලොව වනාහි ඔබ අතුරින් කිසිවකු තම ඇඟිල්ල මුහුදට දමා එහි තැවරෙන දෑ මෙන් මිස නැත. නැවත හැරී එනුයේ කුමක් දැයි අවධානයෙන් බලත්වා!“
Explanation
මුහුද හා සසඳන විට එය කිසිවක් ගෙන දෙන්නේ නැත. එමෙන්ම මෙලොව ජීවිතය මතුලොව ජීවිතය හා සසඳා බලන විට මෙලොවෙහි කෙටි කාලීන ජීවිතය, විනාශ වී යන ආශාවන් හා මතුලොවෙහි සදාතනිකභාවය, එහි ඇති සුවපහසුකම්වල අඛණ්ඩත්වය යන්න ගැන සැසඳීමේදී තම ඇගිල්ල මුහුදට දැමූ විට එහි තැවරී ඇති ජලයට සමානය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි.මෙලොව ජීවිතය මතුලොව විෂයයෙහි ස්වල්පයක් මිස නැත.(තව්බා:38)
මෙලොව ජීවිතයේ මැවීම්වලට පිරිනමා ඇති සියලු සැප පහසුකම් ගැත්තෙකු භුක්ති විඳිනුයේ කෙටි කලක් පමණි.එය දෙගිඩියාවෙන් පුරවන ලද්දකි. අප්රසන්න වූ කරුණු සමඟ බැඳී ඇත්තකි.තම අහංකාරය හා මුණීච්චාව හේතුකොටගෙන මිනිසා මෙමගින් කෙටි කාලයක් අලංකාරවත් වෙයි.පසුව එය ඉක්මණින් පහව යයි. ඒ සමගම දුක, ශෝකය හා පසුතැවිල්ල ලුහුබදිනු ඇත.“යමක් ඔබට පිරිනමනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි අලංකරණයක් පමණි. අල්ලාහ් අබියස ඇත්තේ යහපත හා සදා පවතින්නක් ය. ඔබලා වටහා නොගන්නේ මන් ද? (අල් කසස්: 60) අල්ලාහ් අබියස ඇති සදාතනික සැපය, ප්රීතිමත් ජීවිතය, මාලිගා, යහන යන සියල්ල එහි හැඩයෙන් හා එහි ප්රමාණයෙන් ඉතා ශ්රේෂ්ඨය සදාකාලිකය. එය සදාකල් පවතින්නකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

