සැබැවින්ම අබූ උබය්දා බහ්රයින් සිට යමක් ගෙනැවිත් ඇති බව නුඹලා සවන් දී ඇතැයි මම සිතමි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අම්ර් ඉබ්නු අව්ෆ් අල් අන්සාරි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අබූ උබෙය්දා ඉබ්නු අල් ජර්රාහ් -රළියල්ලාහු අන්හු- තුමාව බහ්රය්න් හි බදු රැගෙන එන්නට ඒ වෙත යැවූහ. ඔහු ධනය රැගෙන බහ්රය්න් සිට පැමිණියේය. අබූ උබෙයිදාගේ පැමිණීම ගැන අන්සාර්වරුන් හට දැන ගන්නට ලැබිණ. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ෆජ්ර් සලාතය සඳහා ඔවුහු සහභාගී වූවෝය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හ වසල්ලම්- සලාතය ඉටු කර හැරුණු කල්හි, ඔවුහු එතුමාට (ඒ ගැන) සංඥා කරමින් සිටියෝය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් දුටු අවස්ථාවේ මද සිනහ පා, පසුව: ((සැබැවින්ම අබූ උබය්දා බහ්රයින් සිට යමක් ගෙනැවිත් ඇති බව නුඹලා දැනගන්නට ඇතැයි මම සිතමි.)) යැයි පැවසූහ. එවිට ඔවුහු: එසේය අල්ලාහ්ගේ දූතයාණනි, යැයි පැවසුවෝය. ((නුඹලා සතුටු කරවන දෑ ගැන නුඹලා සතුටු වන්න. ආශා කරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි, නුඹලා වෙත ඇති දිළිඳුකම ගැන මම බිය නොවෙමි. නමුත් නුඹලාට පෙර විසූවන්හට ව්යාප්ත කරනු ලැබුවාක් මෙන් නුඹලාට ද මෙලෝ සම්පත් ව්යාප්ත කරනු ලැබ, ඔවුන් ඒ ගැන තෘෂ්ණාව ඇති කර ගත්තාක් මෙන් නුඹලාද ඒ ගැන තෘෂ්ණාව ඇති කර ගෙන, එය ඔවුන් විනාශ කර දැමුවාක් මෙන් නුඹලාවද එය විනාශ කරනු ලබනු ඇතැයි මම බියවෙමි.)) යැයි එතුමාණෝ පැවසූහ.
Explanation
එවිට එතුමා අබූ උබෙය්දා බහ්රෙය්න් සිට පැමිණීම ගැන නුඹලා දැන ගෙන ඇත(යි සිතමි). ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි, එසේය. ඒ ගැන අපේ කනට වැටුණි. එනම් අපගේ කොටස අප ලබන්නට අපි පැමිණ ඇත්තෙමු යැයි පැවසූහ.
ඔවුන් සතුටට පත් කරන දෑ ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔවුනට සුභ පැතූහ. ඔවුනට ඇති දිළිඳුකම ගැන තමන් බිය නොවන බවත්, හේතුව දිළින්දන් බහුතරයක් දෙනා පොහොසතුන්ට වඩා සත්යය වෙත ඉතා සමීපයෙන් සිටින බැවිනි. නමුත් තමන් මෙලොව සම්පත් ඔවුනට විවෘත වී ඔවුහු ඒ ගැන තෘෂ්ණාවෙහි වැටෙන බවත් තමන් බියවන ලෙස දන්වා සිටියහ. මිනිසෙකු තමන්ට යමක් ලැබෙන අවස්ථාවේ එය ප්රමාණවත් යැයි නොසලකා, හලාල් හරාම් පිළිබඳ නොතකා ධනය ලබා ගත හැකි කවර මාර්ගයක් භාවිත කරමින් හෝ තව තවත් අධිකව ලැබිය යුතු යැයි පතන බැවිනි, මෙය මෙලොව ජීවිතය පෙරටු කර ගත් මතු ලොව ජීවිතයෙන් ඈත් වී කටයුතු කරන පහත් තෘෂ්ණාව යන්නට කිසිදු සැකයක් නැත. එවිට එය ඔවුනට පෙර සිටියවුන් විනාශ කර දැමුවාක් මෙන් ඔවුන්වද විනාශ කර දමනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

