“අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හජ් අවුරුදු හෝ නෝම්බි අවුරුදු දිනක සලාත් ඉටු කරන ස්ථානය වෙත පිටත්ව ගියේය. පසුව එතුමා කාන්තාවන් අසළින් ගමන් ගත්තේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.” ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියෝය. එතුමා: “කාන්තාවකගේ සාක්ෂිය පිරිමියකුගේ සාක්ෂියෙන් අඩක් මෙන් නොවන්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යැයි පැවසුවෝය. එතුමා: “එයයි ඇයගේ බුද්ධියේ හීනභාවය” යැයි පවසා සිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලාත් ඉටු නොකරනවා නොවේ ද? උපවාසය අත්හැර දමනවා නොවේද” යැයි විමසූහ. ඔවුහු: ‘එසේය.’ යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “එයයි ඇයගේ දහමේ පවතින භීනභාවය.” යැයි පැවසූහ.
Explanation
එවිට ඔවුන් අතරින් බුද්ධිමත් අභිමානවත් හා දැක්මක් ඇති කාන්තාවක්, 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපා ගින්නේ බහුතරයක් අප වීමට හේතු වූයේ කුමක් දැ?' යි විමසා සිටියාය.
එතුමාණෝ ඊට හේතු වූ කරුණු මෙසේ පවසා සිටියහ. "නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය; දොස් නගන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය." පසුව ඔවුන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ විස්තර කළහ. "බුද්ධියෙන් හා ආගමෙන් හීන වූ ඔබ අතරින් නුවණැති, බුද්ධිමත්, අභිමානවත් පුරුෂයකු අබිබවා යා හැකි කිසිවකු මා දැක නැත."
ඇය, "අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියාය.
එතුමාණෝ මෙසේ පැවසූහ: "බුද්ධියේ හීන භාවය යනු කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියකුගේ සාක්ෂියට සමාන වීමය. එය බුද්ධියේ හීනභාවයයි. දහමෙන් හීන වනුයේ ඔසප් භාවය හේතුවෙන් දින ගණනාවක් සලාත් ඉටු නොකර රමළාන් මාසයේ උපවාසයේ නිරත නොවී සිටින බැවින් එහි දී දැහැමි ක්‍රියාවන්හි සිදුවන අඩුපාඩුවයි. එය ආගමෙන් සිදුවන හීනභාවයයි. නමුත් ඒ සඳහා ඔවුන් දොස් නගනු ලබන්නේ නැත. පාපයට හසු කරනු ලබන්නේ නැත. එය ඇගේ මැවීමේ මුල් ස්වභාවය වන බැවිනි. එමෙන්ම මිනිසා නිර්මාණය කර ඇත්තේ, ඔහුව මවා ඇත්තේ ධනයට ඇලුම් කරන, තම කටයුතුවලදී ඉක්මන්සුළු, අනුවනකම හා වෙනත් අඩුපාඩු සමගය. නමුත් ඔහු එමගින් අර්බුධයට ලක්වීමෙන් පරිස්සම් විය යුතුය."
Benefits
සැමියාට ගුණමකු වීම හා අධික ලෙස ශාප කිරීම මහා පාපකම් අතරින් එකකි. ඊට හේතුව මෙහි දී අපා ගින්න ගැන අවවාද කර තිබීම එය මහා පාපයක් බව පෙන්වීමේ සළකුණක් වන බැවිනි.
මෙහි දී දේව විශ්වාසය අඩු වීම හා වැඩි වීම සම්බන්ධව විස්තර කෙරී ඇත. කවරෙකුගේ නැමදුම් අධික වූයේ ද ඔහුගේ විශ්වාසය හා ඔහුගේ දහම වර්ධනය වනු ඇත. කවරෙකුගේ නැමදුම් අඩු වූයේ ද ඔහුගේ දහම ද හීන වී යනු ඇත.
නවවි තුමා මෙසේ පවසයි: "වර්ධනය හා හීනභාවය ගැන බුද්ධිය පිළිගන්නාක් මෙන්ම දේව විශ්වාසය ද එලෙසමය. කාන්තාවන් තුළ ඇති හීන භාවය මෙනෙහි කිරීමෙන් ඒ සඳහා ඔවුනට දොස් නැගීම මෙහි දී අපේක්ෂා නොකෙරේ. සැබැවින්ම එය මැවීමේ මූල ස්වභාවයයි. ඒ ගැන පවතින අවවාදය, ඔවුනට අර්බුධ ඇති වීම ගැන වූ අනතුරු ඇඟවීමකි. එබැවින් දඬුවම පෙළ ගැසෙනුයේ සඳහන් කරනු ලැබූ ගුණමකුභාවය හා වෙනත් දෑ හේතුවෙන් මිස හීනභාවය මත නොවේ. එමෙන්ම කෙනෙක් තුළ දහමේ පවතින හීනභාවය පාපයට හේතුවන දෑට පමණක් සීමා වන්නේ නැති අතර එය ඊට වඩා පොදු බව මතයක් ගනී.
දැනුම හදාරන්නා දැනුමැත්තාගෙන් හා අනුගාමිකයා අනුගමනය කරනු ලබන්නාගෙන් ඔහුට එහි අර්ථය පැහැදිලි නොවන්නේ නම්, පවසන ලද දෑ පිළිබඳ සමාලෝචනය කළ යුතු වේ.
සැබැවින්ම කාන්තාවකගේ සාක්ෂිය පිරිමියාගේ සාක්ෂියේ අඩකි. එය ඇයගේ ධාරණ හැකියාව හීන වන බැවිනි.
“බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත." යන ප්‍රකාශය සම්බන්ධයෙන් ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මට මෙයින් පෙනී යන්නේ අපා වාසීන්ගෙන් බහුතරයක් දෙනා ලෙස ඔවුන් පත්වීමට සමස්ථ හේතුව නම් 'බුද්ධිමත් මිනිසෙකුගේ බුද්ධිය අවශ්‍ය නොවන දෑ කරන හා කියන තරම පහ කිරීම සඳහා ඔවුන් හේතුවක් බවට පත්වන බැවිනි.' පාපය තුළ ඔවුන් ඔහුට හවුල්කරුවන් වන අතරම එය වර්ධනය කරති."
කාන්තාවක් ඔසප් තත්ත්වයේ පසුවන කාලය තුළ සලාත් ඉටු කිරීම හා උපවාසයේ නිරත වීම තහනම් වේ. එමෙන්ම දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවන්ගේ තත්ත්වය ද එලෙසමය. ඔවුන් පිරිසිදුභාවයට පත් වූ පසු පමණක් අත පසුව උපවාසය නැවත ඉටු කළ යුතු වේ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගතිගුණ නම්, කාන්තාවන් ඇසූ ප්‍රශ්නවලට දොස් නැගීමෙන් තොරව හා අහංකාරයෙන් තොරව එතුමාණෝ පිළිතුරු සැපයූහ.
ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය. "සැබැවින්ම සදකා හෙවත් දානය දඬුවම වළක්වනු ඇත. සැබැවින්ම එය මැවීම් අතර සිදුවන පාපකම්වලට ප්‍රතිකර්මයක් වනු ඇත."
නවවි තුමා මෙසේ පැවසීය. "කාන්තාවන් තුළ ආගමේ හීනභාවය ඇති වනුයේ, ඔවුන් ඔසප් කාලය තුළ සලාතය හා උපවාසය අත්හරින බැවිනි. කවරෙකු අධිකව නැමදුම් ඉටු කරන්නේ ද ඔහුගේ දේව විශ්වාසය හා ඔහුගේ දහම වර්ධනය වනු ඇත. කවරෙකු තම නැමදුම්හි අඩුපාඩු ඇති කරන්නේ ද ඔහුගේ දහමෙහි ද අඩුපාඩු ඇති වනු ඇත. ආගම හීන භාවයට පත්වීම යනු ඇතැම් විට එය පාපයක් වන ආකාරයෙන් පිහිටයි. එය යමෙකු සලාතය හෝ උපවාසය හෝ ඔහුට අනිවාර්යය කරන වෙනත් නැමදුම් අතරින් කිසිවක් හෝ කිසිදු හේතුවකින් තොරව අත්හරින කෙනෙකු මෙනි. ඇතැම් විට පාපයක් නොවන ආකාරයෙන් පිහිටයි. එය ජුමුආව හෝ යුද්ධ කිරීම හෝ ඔහුට අනිවාර්යය නොවන දෙයක් කිසිදු හේතුවකින් තොරව අත්හරින කෙනෙකු මෙනි. ඇතැම් විට බලකෙරෙන අයුරින් පිහිටනු ඇත. එය ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් සලාතය හා උපවාසය අත්හරින්නාක් මෙනි."
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

