ගමනේදී උපවාසයේ නිරත වීම සම්බන්ධයෙන් මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසා සිටියේය. “එවිට එතුමා ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති නම් එයින් මිදෙනු.“ යැයි පවසා සිටියහ.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හම්සා්සාබ්නු අම්ර් අල් අස්ලමී තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් “ගමනේදී මම උපවාසය රකින්නදැ“?යි විමසා සිටියේය. -ඔහු අධික ලෙස උපවාසය රකින්නෙකු විය.- එවිට එතුමා: “ඔබ කැමති නම් උපවාසය රකිනු. ඔබ කැමති…

