“නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ලුහර් සලාතය ඔවුනට මෙහෙය වූහ. මුල් රකආත් දෙකින් පසු ව නැගිට සිටියහ. වාඩි නොවූහ. ජනයා ද එතුමාණන් සමගම නැගිට සිටියහ. අවසානයේ සලාතය නිමා විය. එතුමාණන් සලාම් පැවසීම ජනයා බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් එතුමාණෝ වාඩි වී සිටිමින්ම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළහ. පසු ව සලාම් පැවසූහ.”
අබ්දුල්ලාහ් ඉබ්නු බුහයිනා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ගේ සහගාමීන් අතුරින් කෙනෙකු විය. “නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ලුහර් සලාතය ඔවුනට මෙහෙය වූහ. මුල් රකආත් දෙකින් පසු ව නැගිට සිටියහ. වා…

