HadeethEnc · 1.24.0
ඔබ අතරින් කිසිවෙකු හෝ ඔහුගේ සලාතය තුළ ඔහුට සැකය ඇති වී තමා තුනක් ඉටු කළේ ද එසේ නැතහොත් හතරක් ඉටු කළේද යැයි නොදන්නේ නම්, ඔහු එම සැකය අහකට දමා ඔහු කවර දෙයක් ගැන විශ්වාසයක් ඇත්තේ ද ඒ මත පදනම් විය යුතුය. පසුව සලාම් කීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතුය
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ඔබ අතරින් කිසිවෙකු හෝ ඔහුගේ සලාතය තුළ ඔහුට සැකය ඇති වී තමා තුනක් ඉටු කළේ ද එසේ නැතහොත් හතරක් ඉටු කළේද යැයි නොදන්නේ නම්, ඔහු එම සැකය අහකට දමා ඔහු කවර දෙයක් ගැන විශ්වාසයක් ඇත්තේ ද ඒ මත පදනම් විය යුතුය. පසුව සලාම් කීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතුය. ඔහු පහක් ඉටු කළේ නම් ඔහුගේ සලාතය ඔහුට දෙගුණය කර දෙනු ඇත. ඔහු හතරක් සම්පූර්ණ කර ඇත්නම් ඒ දෙක ෂෙයිතාන් අධෛර්යමත් කිරීමක් (පහරක්) වනු ඇත.
02
Explanation
සැබැවින්ම, තමන් රකආත් තුනක් ඉටු කළේ ද නැතහොත් හතරක් ඉටු කළේද යැයි, සලාත් ඉටු කරන්නාට සැකයක් ඇති වූ විටෙක, සැක සහිත අමතර ප්‍රමාණය නොගෙන, එම ගණනයෙන් දුරස් විය යුතු අතර තුනක් ඉටු කළ බවට ස්ථීරභාවයක් ඇති කර ගෙන, පසුව රකආත් හතරක් ඉටු කර, සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.
එවිට සැබෑ ලෙස ඔහු රකආත් හතරක් ඉටු කර තිබුණේ නම් එය අමතර රකආතය සමග පහක් වනු ඇත. අමතක වීම සඳහා සිදු කරනු ලබන සුජූද් දෙක රකආතයක් වෙනුවෙන් පිහිටා ඔත්තේ සංඛ්‍යාව් නොව ඉරට්ටේ සංඛ්‍යාවක් බවට පත් වන්නේය. එසේම අමතර රකආතය ඉටු කිරීම තුළින් රකආත් හතරක් බවට පත් වූ විට එය කිසිදු වැඩි කිරීමකින් හෝ අඩු කිරීමකින් තොරව ඔහුට පැවරුණු වගකීම ඉටු කරන්නෙකු වනු ඇත.
අමතක වීම සඳහා ඉටු කරනු ලබන සුජූද් දෙක ෂෙයිතාන්ට අපහාසයක් හා නින්දාවක් බවට පත් වේ. එය ඔහුගේ සිතුවිල්ලෙන් දුරස් කිරීමක් හා අවමානයක් ලෙස ප්‍රතිචාර දැක්වීමකි. හේතුව ඔහු සලාතය තුළට පිවිස එය දූෂිත කිරීමට පෙනී සිටි බැවිනි. සුජූද් කිරීමේ අල්ලාහ්ගේ නියෝග පිළිපදින කල්හි ආදම්ගේ පුතනුවන්ගේ සලාතය සම්පූර්ණ වනු ඇත. ආදම්ට සුජූද් කිරීමේ දී අල්ලාහ්ට අවනත වීමෙන් වැළකී සිටිමින් ඉබ්ලීස් පිටුපෑවේය.

03
Benefits
සලාතය ඉටු කරන්නාට ඔහුගේ සලාතයේ සැකයක් ඇති වී, කරුණු දෙකින් එකක් නිවැරදි බව තෝරා ගත නොහැකි වූ විටෙක සැකය හෙළා දැක ස්ථීර දෑ අනුව ක්‍රියා කළ යුතුය. එය අවම විය යුතු ය. පසුව ඔහු සලාතය පූර්ණව ඉටු කර සලාම් පැවසීමට පෙර අමතක වීම සඳහා ඉටු කරනු ලබන සුජූද් ඉටු කර පසුව සලාම් පැවසිය යුතු ය.
මෙම සජදා දෙක සලාතයේ අඩුපාඩු පිරවීම සඳහා වන මාර්ගයක් වන අතරම ෂෙයිතාන්ගේ අරමුණින් දුරස් වීමක් හා ඔහුට අපහාසයක් මෙන්ම අවමානයකි.
සිදුවන සැකය යනු නිවැරදි දෑ තෝරා ගත නො හැකිව කලබල වීමය. අනුමානයක් දැක එය වඩාත් නිවැරදි යැයි සිතුවේ නම් ඒ අනුව කටයුතු කළ යුතු වේ.
සිතේ ඇතිවන කුකුස් සමග සටන් කිරීම සඳහාත් ආගමික නියෝග පිළිපැදීමෙන් එය වළක්වා ගැනීම සඳහාත් උනන්දු කරවීම.

Attribution
[رواه مسلم]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares