HadeethEnc · 1.24.0
“නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ලුහර් සලාතය ඔවුනට මෙහෙය වූහ. මුල් රකආත් දෙකින් පසු ව නැගිට සිටියහ. වාඩි නොවූහ. ජනයා ද එතුමාණන් සමගම නැගිට සිටියහ. අවසානයේ සලාතය නිමා විය. එතුමාණන් සලාම් පැවසීම ජනයා බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් එතුමාණෝ වාඩි වී සිටිමින්ම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළහ. පසු ව සලාම් පැවසූහ.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු බුහයිනා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ගේ සහගාමීන් අතුරින් කෙනෙකු විය. “නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ලුහර් සලාතය ඔවුනට මෙහෙය වූහ. මුල් රකආත් දෙකින් පසු ව නැගිට සිටියහ. වාඩි නොවූහ. ජනයා ද එතුමාණන් සමගම නැගිට සිටියහ. අවසානයේ සලාතය නිමා විය. එතුමාණන් සලාම් පැවසීම ජනයා බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් එතුමාණෝ වාඩි වී සිටිමින්ම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළහ. පසු ව සලාම් පැවසූහ.”
02
Explanation
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම සහාබාවරුන්ට ලුහර් සලාතය මෙහෙය වූහ. මුල් රකආත් දෙක ඉටු කළ පසු පළමු තෂහ්හුද් සඳහා වාඩි නොවී නැගිට සිටියහ. මඃමූම්වරුද එසේ එතුමාණන්ව පිළිපැද්දාහ. අවසන් රකආත් දෙක ඉටු කළ පසුව අවසන් තෂහ්හුද් සඳහා වාඩි වූහ. එය අවසන් කළ පසු එතුමා සලාම් පවසනු ඇතැයි ජනයා බලාපොරොත්තුවෙන් සිටියෝය. නමුත් එතුමා ඉඳගත් ඉඳුමෙහිම තක්බීර් පවසා සලාතයේ සාමන්යයෙන් සුජූද් කරන්නාක් මෙන් සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඔවුනට මෙහෙය වූහ. එය සජදා සහ්වු නම් අමතක වීම සඳහා කරන්නා වූ සුජූද් දෙක විය. එම සුජූද අතපසු වූ තෂහ්හුද් හි අඩුව පිරවීම සඳහා සිදු කරනු ලබන්නක් විය.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

