නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. නුඹලාගේ මුතුන් මිත්තන් පවසන දෑ අතහැර දමන්න. ඔහු අපට සලාතය ඉටු කරන මෙන්ද සත්යය කතා කරන මෙන්ද නියෝග කරයි.
අබූ සුෆ්යාන් සක්ර් ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හිර්කල් රජු ඔහු නුඹලාට කුමක් අණ කරන්නේ ද? යැයි විමසා සිටියේය. ඉන් අදහස් කළේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. අබූ සුෆ්යාන්: මම මෙසේ පැවසුවෙමි. ඔහු: “නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න.…

