افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3154[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. නුඹලාගේ මුතුන් මිත්තන් පවසන දෑ අතහැර දමන්න. ඔහු අපට සලාතය ඉටු කරන මෙන්ද සත්යය කතා කරන මෙන්ද නියෝග කරයි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ සුෆ්යාන් සක්ර් ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හිර්කල් රජු ඔහු නුඹලාට කුමක් අණ කරන්නේ ද? යැයි විමසා සිටියේය. ඉන් අදහස් කළේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. අබූ සුෆ්යාන්: මම මෙසේ පැවසුවෙමි. ඔහු: “නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. නුඹලාගේ මුතුන් මිත්තන් පවසන දෑ අතහැර දමන්න. ඔහු අපට සලාතය ඉටු කරන මෙන්ද සත්යය කතා කරන මෙන්ද තැන්පත්කම රකින මෙන්ද ඥාතී සම්බන්ධකම් රකින මෙන් ද නියෝග කරයි.”
02

Explanation

මෙය අබූ සුෆ්යාන් සක්ර් ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා හා හිර්කල් නමින් ප්රසිද්ධ රජු සමග සිදු වූ සිද්ධියකි. අබූ සුෆ්යාන් ප්රමාද වී ඉස්ලාමය වැළඳ ගත් බැවින් එවකට හුදෙයිබිය්යා ගිවිසුම හා මක්කා ජයග්රහණය අතර කාලය තුළ ඔහු දේව ආදේශකයකු ලෙස සිටියහ. අබූ සුෆ්යාන් හා කුරෙයිෂ්වරු කණ්ඩායමක් සිරියාවේ සිටි හිර්කල් වෙත පැමිණියේය. එවකට හිර්කල් කිතුනු රජකු විය. එතුමා තව්රාතය මෙන්ම ඉන්ජීලය ද කියවූ අයකු මෙන්ම පෙර පැවති ආගම් පිළිබඳ මනා දැනුමක් තිබූ අයකු විය. එමෙන්ම එතුමා බුද්ධිමත් රජකු විය. අබූ සුෆ්යාන් හා ඔහු සමග පිරිසක් හිජාස්හි සිට පැමිණ ඇති බවට දැනගන්නට ලැබුණු ඔහු ඔවුන් කැඳවා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ තත්ත්වය ගැනත් ඔහුගේ පරම්පරාව ගැනත් ඔහුගේ සගයින් ගැනත් ඔවුන් ඔහුට ගරුබුහුමන් කිරීම ගැනත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ පක්ෂපාතිත්වය ගැනත් විමසා සිටියහ. ඒ අනුව ඔවුන් ඔහුට යමක් මෙනෙහි කරන සෑම අවස්ථාවකම සැබැවින්ම පෙර පුස්තකවල දන්වා ඇති නබිවරයා ඔහු බව ඔහු දැන ගත්තේය. එනමුත් ඔහු දුර්වල අයකු විය. එබැවින් අල්ලාහ්ගේ අභිමතයේ පැවති කුමන හෝ ප්රඥාවක් හේතුවෙන් ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේ නැත.
අබූ සුෆ්යාන්ගෙන් විමසා සිටි කරුණු අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුනට නියෝග කර සිටින්නේ කුමක් දැයි යන ප්රශ්නය ද ඇතුළත් විය. එවිට ඔහු “එතුමා ඔවුනට අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙසත් ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙසත් ඔවුනට නියෝග කරයි. එබැවින් ඔවුන් අල්ලාහ් හැර කිසිදු රජකුට හෝ කිසිදු වක්තෘවරයකුට හෝ කිසිදු ගසකට හෝ ගලකට හෝ හිරුට හෝ සදුට හෝ වෙනත් යම් දෙයකට නැමදුම් ඉටු නොකරති. අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කරති.’ යැයි දන්වා සිටියේය. මෙය දූතවරුන්ගේ ඇරයුමයි. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එතුමාට පෙර පැමිණි නබිවරුන් අල්ලාහ්ට පමණක් නැමදීම සම්බන්ධයෙන් හා ඔහුට කිසිවක් හවුල් නොකිරීම සම්බන්ධයෙන් කවර කරුණක් ගෙන ආවේ ද එයම ගෙන ආවේය.
තවද ඔහු: ‘නුඹලාගේ මුතුන් මිත්තන් කවර පදනමක සිටියේ ද එය අතහැර දමනු’ යැයි පවසයි. මෙය සත්යයේ වීර හඬයි. ඔවුන්ගේ මුතුන් මිත්තන් කවර පිළිම වන්දනාවක නිරතව සිටියේ ද එය අතහරින ලෙස ඔවුනට නබිවරයාණන් නියෝග කර සිටියේය. නමුත් ඔවුන්ගේ මුතුන් මිත්තන් කවර යහපත් ගතිගුණවල් මත පදනම්ව සිටියේද එය අත් හරින ලෙස එතුමා ඔවුනට නියෝග කළේ නැත.
‘ඔහු අපට සලාතය නියෝග කරමින් සිටියි.’ යන ප්රකාශය වනාහි, සලාතය ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර පවතින සම්බන්ධතාවයි. සාක්ෂියේ ප්රකාශ දෙකින් පසු ඉස්ලාමයේ වැදගත්ම කුළුණයි. දේව විශ්වාසියා හා දේව ප්රතික්ෂේපකයා වෙන් කරනු ලබනුයේ එමගිනි. එය අප අතරත් දේවත්වය ආදේශ කරන්නන් හා ප්රතික්ෂේප කරන්නන් අතර වූ ගිවිසුමයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ ගැන මෙසේ පවසා සිටියේය. “අප අතර හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එබැවින් කවරෙකු එය අත් හැරියේ ද සැබැවින්ම ඔහු දේවත්වය ප්රතික්ෂේප කළේය.”
‘ඔහු සත්යය පවසන මෙන් අපට නියෝග කර සිටියි.’ යන ප්රකාශය වනාහි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සත්යය කතා කරන මෙන් තම සමූහයාට නියෝග කරමින් සිටියේය. මෙය “අහෝ විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. සත්යය වාදීන් සමග සිටිනු.” යන අල්ලාහ්ගේ ප්රකාශය මෙනි. සත්යවාදීකම උතුම් ගුණාංගයකි. එය කොටස් දෙකකට බෙදෙයි. අල්ලාහ් සමග පවත්නා සත්යවාදිත්වය හා ඔහුගේ ගැත්තන් සමග පවත්නා සත්යවාදීත්වය. ඒ දෙකම උදාර ගතිගුණ වෙති.
‘තැන්පත්කම රකිනු’ යන ප්රකාශය වනාහි, තැන්පත් කම වර්ග දෙකකි. ලිංගික ආශාවන්ගෙන් පතිවත රැකීමේ තැන්පත්කම හා කුසෙහි ආශාවන්ගෙන් තැන්පත්කම රැකීමයි.
පළමු තැන්පත්කම වනාහි: මිනිසාට තහනම් කරන ලද කාමයේ වරදවා හැසිරීම ඒ සඳහා ඇති මාධ්යයන් හා එහි ඇති අශීලාචාරකමින් දුරස්වීමයි.
දෙවන තැන්පත්කම වනාහි: කුසෙහි ආශාවන්ගෙන් තැන්පත්කම රැකීමයි. එනම්: මිනිසුන් සතු ඔවුන්ගේ අත්වල ඇති දෑහි ආශාවන්ගෙන් තැන්පත්කම රැකීම හා මිනිසා ඔවුන්ගෙන් කිසිවක් නොඉල්ලා ඔවුන්ගෙන් ආයාචනා කිරීමෙන් තැන්පත්කම රැකීමයි. නියත වශයෙන්ම එසේ ඉල්ලා සිටීම අවමානයකි. ඉල්ලන්නාගේ අත පහත් හා පහළ මට්ටමේ පවතී. පිරිනමන්නාගේ අත ඉහළින් පවතී. එබැවින් තමන්ට අවශ්යය දෑ හැර වෙනත් කිසිවක් කිසිවකුගෙන් ඉල්ලා සිටීම සුදුසු නැත.
‘ඥාතී සම්බන්ධකම් රැකීම” යන ප්රකාශය වනාහි, සමීප ඥාතීන් සමගත් ඉන් පසු පවත්නා ඥාතී සම්බන්ධකම් පිළිබඳවත් අල්ලාහ් නියෝග කර ඇති සම්බන්ධකම් ක්රමවේදය පුද්ගලයකු රැකීමයි. ඔවුන්ගෙන් ඉතා උසස් වනුයේ දෙමව්පියන්ය. හේතුව සැබිවන්ම දෙමව්පියන්ට උවටැන් කිරීම යහපත්ම සම්බන්ධතාව වන බැවිණි. ඔවුන් සතු ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වනුයේ සමීපතාවය පවතින ප්රමාණය අනුවය. සහෝදරයා තම බාප්පාට වඩා සම්බන්ධකම් පවත්වන්නට වඩාත් සුදුස්සාය. බාප්පා පියාගේ බාප්පාට වඩා සම්බන්ධකම් පවත්වන්නට සුදුස්සාය. ඥාතී සම්බන්ධකම් පැවැත්වීම ජනයා අතර ප්රචලිත සෑම කරුණක් තුළින්ම සිදු විය යුත්තකි.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...