اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
සුළඟ තදින් හමන විට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා (පහත සඳහන් අයුරින්) ප්රාර්ථනා කරන්නෙකු වූහැයි ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී.
اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කය්රහා වකය්ර මා ෆීහා වකය්ර මා උර්සිලත් බිහි, වඅඌදු බික මින් ෂර්රිහා වෂර්රි මා ෆීහා වෂර්රි මා උර්සිලත් බිහි.
තේරුම: අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.
Explanation
اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به
යන ප්රාර්ථනාව පවසා සිටීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ මඟපෙන්වීම් අතුරින් එකක් වූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරයි.
අල්ලාහ් මැව්වා වූ එමෙන්ම හරව හරවා එවන්නා වූ සුළඟ කොටස් දෙකකි.
පළමුව: බිය වීමට අවශ්ය නොවන සාමාන්ය සුළඟ එයට නියමිත මෙනෙහි කිරීමක් නැත. දෙවැන්න: භයානක සුළී සුළඟ. හේතුව ආද් සමූහයා දඬුවම් කරනු ලැබුවේ මහත් සුළී සුළගිනි.-අල්ලාහ් ආරක්ෂා කරත්වා! එබැවින් තදින් සුළං හමන විට නබි තුමාණන් පෙන්වා දුන් මාර්ගය අනුව පහත සඳහන් අනුවාදය පවසන්න.
اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به
එනම් එම සුළඟේ යහපත හා එය උසුළා ගෙන එන යහපත අල්ලාහ්ගෙන් පතන්න.
කවර කරුණක් සඳහා එවනු ලැබුවේද එහි යහපත යනු එය උසුලාගෙන එන යහපතයි. හේතුව විටෙක එය යහපත ද තවත් විටෙක විනාශය ද ගෙන දෙයි. එහෙයින් එවනු ලැබූ සුළඟ ඇති කරන යහපත අල්ලාහ්ගෙන් ඔබ ඉල්ලා සිටින්න.
وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به
යනු එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද ඔබ ආරක්ෂාව පැතීමය. හේතුව ඇතැම් විට එය පිරිසකට දඬුවමක් ගෙන එන්නට පුළුවන එබැවින් එහි හානියෙන් ආරක්ෂාව පැතිය යුතුය.
මිනිසෙකු සුළඟේ හානියෙන්ද එහි තුළ ඇති දෑහි හානියෙන් ද එය කවර කරුණක් සඳහා එවනු ලැබුවේ ද එහි හානියෙන් ද ආරක්ෂාව පැතූ විට එහි හානියෙන් අල්ලාහ් ඔහු වළක්වාලීමටත් එයින් ප්රයෝජනය ලබන්නටත් ප්රමාණවත් වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

