افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8953[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අහෝ ජනයිනි! ඔබ පැලවර්ග දෙකක් අනුභව කරන්නෙහුය. ඒ දෙක පිළිකුල් සහගත ලෙස මිස මම නොදකිමි. එනම්, ලූනු හා සුදු ලූනු.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ජුමුආ දිනයක එතුමා කුඃත්බා දේශනාවක් කළහ. එතුමාගේ දේශනාවෙහි එතුමා මෙසේ පවසා සිටියහ. අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලා, පැල වර්ග දෙකක් අනුභව කරන්නෙහුය. ඒ දෙක පිළිකුල් සහගත දෙකක් ලෙසින් මිස මම නොදකිමි. එනම්: ලූනු හා සුදු ලූනුය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයේ සිටින මිනිසකුගෙන් ඒ දෙකෙහි ගන්ධය හමනු දුටු විට, ඒ ගැන ඔහුට නියෝග කොට බකීඃ වෙත පිටත් කර යවනු මම දැක ඇත. එහෙයින් ඒ දෙක අනුභව කරන්නා ඒ දෙක පිස (එහි දුර්ගන්ධය) ඉවත් කර ගනිත්වා! යැයි තවදුරටත් පැවසූහ.
02

Explanation

උමර් -රළියල්ලාහු අන්හු- තුමා කුත්බා දේශනාවට සහභාගී වූවනට ඔබලා ළූනු හා සුදු ළූනු යන පිළිකුල් සහගත ලූනු හා සුදුළූණු අනුභව කරන්නෙහුය යැයි දන්වා සිටියහ.
හානිදායක යන්නෙන් අදහස් කරනුයේ, එය ගන්ධයක් ඇති ආහාරයක් වීමය. අරාබිවරු පහත් පිළිකුල් සහගත යම් ප්රකාශයක්, ක්රියාවක්, සම්පතක්, ආහාරයක් හෝ පුද්ගලයෙක් වේවා එවන් පිළිකුල් සහගත පහත් සෑම කරුණක්ම හඳුන්වනුයේ කුබුස් හෙවත් පිළිකුල් සහගත යන්නෙනි.
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්රකාශ කළ බවට ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසය ද මෙය පෙන්වා දෙයි. එනම්, (දුර්ගන්ධය හමන මෙම ගසින් කවරෙකු අනුභව කරන්නේ ද ඔහු අපගේ මස්ජිදයට සමීප නොවිය යුතුයි.) මුස්ලිම්.
ළූනු හා සුදු ළූනු, රාබු, රතු ළූනු, හා ඒ හැර වෙනත් පිළිකුල් සහිත ගන්ධයක් ඇති සෑම දෙයක්ම මේ ගණයට අයත් වේ. විශේෂයෙන්ම, මෝරා වර්ගයක්, දුම්කොළ, දුම්වැටි, සුරුට්ටු වැනි දෑ පිළිකුල් සහගතය. නමුත් ළූණු හා සුදු ළූණු අධික වශයෙන් ආහාරයට ගන්නා බැවින් මෙහි ඒ දෙක විශේෂයෙන් සඳහන් කර ඇත.
නමුත් මුස්ලිම්හි සඳහන් ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසයක රතු ළූනු පිළිබඳ නම් කරමින්ම සඳහන් කොට ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයේ සිටින මිනිසකුගෙන් ඒ දෙකෙහි ගන්ධය හමනු දුටු විට, ඒ ගැන ඔහුට නියෝග කොට බකීඃ වෙත පිටත් කර යවනු මම දැක ඇත.
හේතුව නියත වශයෙන්ම එය සෙසු ජනයාට අපහසුතාව පමුණුවන්නේය. එමෙන්ම සහීහ් හදීස්හි සඳහන් පරිදි මලක්වරුන්ටද බාධාවකි. එමගින් ඔවුන් අපහසුතාවයට පත් වෙති.
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයෙන් ඔහුව පිටුවහල් කළා පමණක් නොව, ඔහුට අවවාදයක් වශයෙන් බකීඃ හෙවත් සොහොන් බිමවෙත ඔහු යන තෙක් මස්ජිදයෙන් ඔහුව දුරස් කළහ. ඉබ්නු මාජා හි සඳහන් තවත් වාර්තාවක, සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ කාලයේ මිනිසුන් දැක ඇත. ඔහුගෙන් දුර්ගන්ධය හමනු දුටු විට එතුමා ඔහුගේ අතින් අල්ලා බකීඃ වෙත ඔහුව පිටුවහල් කර යවති.
එහෙයින් ඒ දෙක අනුභව කරන්නා ඒ දෙක පිස (එහි දුර්ගන්ධය) ඉවත් කර ගනිත්වා. මෙහි අර්ථය, ඒ දෙක අනුභව කරන්නට කවුරුන් ප්රිය කරන්නේ ද එය උයා එහි දුර්ගන්ධය නැතිකර ගත යුතුය යන්නයි. හේතුව පිසීමෙන් එහි දුර්ගන්ධය පහව යනු ඇත. එසේ දුර්ගන්ධය පහව ගොස් ඇත්නම්, තහනම් වූ හේතුව ඉවත්ව ඇති බැවින් මස්ජිදයට පිවිසීමට අවසරය ඇත.
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බවට තම පියා විසින් ලබා මුආවියා ඉබ්නු කුර්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසයක් මෙසේය. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ‘නුඹලා ඒ දෙක අනුභව කිරීමේ අවශ්යතාවක් ඇත්නම් ඒ දෙක පිසීමෙන් (ඒ දෙකෙහි ගන්ධය) ඉවත් කර ගනිත්වා, මෙය ඉමාම් අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.
මෙය නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සුන්නාවකි.
පිසීමෙන් එහි ගන්ධය ඉවත් වේ. සලාතය සඳහා හෝ සලාතය නොවන වෙනත් කරුණක් සඳහා යමෙකු මස්ජිදයට පිවිසෙන්නට අපේක්ෂා කරන විට, එය සලාතයේ වේලාවක නොවේ නම්, සලාතයේ නිරත වන අවස්ථාවක නොවේ නම් ඒ දෙක අමුවෙන් අනුභව කිරීමෙහි වරදක් නැත. හේතුව ඒ දෙක අනුභව කිරීමට අනුමැතිය ඇති බැවිනි. පිසීමේ නියෝගය පැමිණ ඇත්තේ එය සෙසු අයට හානිදායක වන විටය.

Attribution

[ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...