“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. පිවිතුරු දෑ හැර වෙනත් කිසිවක් ඔහු පිළිගන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ධර්ම දූතවරුන් හට කවර නියෝගයක් කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ටත් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. "අහෝ ධර්ම දූතවරුණි, ඔබ පිවිතුරු දැයින් අනුභව කරන්න. දැහැමි කටයුතු සිදු කරන්න." තවදුරටත් අල්ලාහ් මෙසේ පවසා ඇත. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි, අප ඔබට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ ඔබ අනුභව කරන්න." පසුව දිගු ගමනක නිරත වුනු, හිසකෙස් අවුල් වී ගිය, දූවිලි තැවරී ඇති මිනිසකු පිළිබඳ සිහිපත් කළහ. ඔහු තම අත් දෙක අහස දෙසට ඔසවා "අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!" යැයි කණ්ණලව් කරයි. නමුත් ඔහුගේ ආහාරය හරාම් (තහනම් කරනු ලැබූවකි), ඔහුගේ පානය හරාම්, ඔහුගේ වස්ත්‍රය හරාම් ඔහු හරාමයෙන්ම පෝෂණය වී ඇත. එබැවින් එයට කෙසේනම් පිළිතුරු දෙනු ලබන්නේ ද?"
Explanation
පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, ක්‍රියාව දූෂිත කරන, එය පිළිගැනීම වළක්වාලන තහනම් ආහාර සම්බන්ධයෙන් අවවාද කළ අතර, එය පිළිගැනීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ.
පළමුව: හජ් වන්දනාව, ජිහාද් නම් අරගලය හා ඥාතී සම්බන්ධකම් රැකීම වැනි අල්ලාහ්ට අවනතවන කටයුත්තක් සඳහා දිගු ගමනක නිරත වීමය.
දෙවැන්න: හිසකෙස් පීරා ගත නොහැකි හේතුවෙන් එය අවුල් වී ගිය, දූවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්ත්‍රයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හදිසි අවස්ථාවක පසුවන අයෙකි.
තුන්වැන්න: ඔහු ප්‍රාර්ථනා කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවා ගනියි.
සිව්වැන්න: අල්ලාහ් වෙත ඔහුගේ නාම ආරෝපණය කර එහි දී අහෝ මාගේ රබ්, අහෝ මාගේ රබ් යැයි අවධාරණය කොට කණ්ණලව් කරයි.
මෙවන් හේතූ සාධක ඔහු සතුව තිබුණ ද ඔහුගේ ප්‍රාර්ථනාවට සවන් දෙනු නොලැබේ. ඊට හේතුව ඔහු ගත් ආහාරය, ඔහු පානය කළ පානය, ඔහු ඇඳ ඇති වස්ත්‍රය හරාම් හෙවත් තහනම් වූ බැවිනි. ඔහු හරාම් දැයින්ම වැඩී ඇත. මෙවන් ගුණාංග ඇති අයගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නේ නැත. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කෙසේ ද?
Benefits
සර්වබලධාරී අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ක්‍රියාව පුද කරන මෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කරන මෙන් වූ නියෝගය.
ක්‍රියාව දිරිමත් කරන දෑ යොදා ගැනීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: දූතවරුන් හට කවර කරුණක් නියෝග කළේ ද එයම දේවත්වය විශ්වාස කළවුන්ට ද අල්ලාහ් නියෝග කළේය. සැබැවින් මෙය දූතවරුන්ට කර ඇති නියෝග බව දේවත්වය විශ්වාස කරන්නා දැනගත් විටෙක ඔහු භක්තිමත් වී එය පිළිපැදීමට දිරිමත් වනු ඇත.
ප්‍රාර්ථනාව පිළිගැනීමට බාධාවක් වනුයේ තහනම් දෑ අනුභව කිරීමය.
ප්‍රාර්ථනාව පිළිගනු ලැබීම සඳහා හේතුකාරණා පහක් ඇත. ඒවායින් පළමුවැන්න: දිගු ගමනක නිරත වීම. එහි දුෂ්කරතා හා බිඳ වැටීම් ඇති බැවින් පිළිතුරු ලැබීමට වඩාත් වැදගත් හේතු කරණය එය වන්නේය. දෙවැන්න: බලපෑමට ලක්වීමය. තුන්වැන්න දෑත් අහස දෙසට එසවීමය. සිව්වැන්න: අල්ලාහ්ගේ පාලන බලය ගැන නැවත නැවතත් මෙනෙහි කරමින් ඔහුගෙන් කණ්ණලව් කිරීමය. එය ද ප්‍රාර්ථනාව පිළිගනු ලැබීමට අවශ්‍ය වඩාත් වැදගත් හේතුවකි. පස්වැන්න. පිවිතුරු ආහාර පාන පරිභෝජනය.
ධාර්මික ක්‍රියාවන් සඳහා සහය සපයන හේතු කාරණාව වනුයේ පිවිතුරු, අනුමත ආහාර පරිභෝජනය කිරීමය.
අල්-කාළි තුමා මෙසේ පවසයි: අත්-තය්යිබ් හෙවත් පිවිතුරු දෑ යනු අල්-හඃබීස් හෙවත් අපිවිතුරු දෑහි විරුද්ධ පදය වේ. උත්තරීතර අල්ලාහ් එමගින් ගුණ ගායනා කරනු ලබන විටෙක, සැබැවින්ම ඔහු සියලු අඩුපාඩුවලින් පිවිතුරු අයකු හා සියලුම අනර්තයන්ගෙන් පිරිසිදු අයකු ලෙස අපේක්ෂා කෙරේ. පොදුවේ ගැත්තා එමගින් වර්ණනා කරනු ලැබූ විටෙක, ඔහු දූෂිත සදාචාරයන්, පිළිකුල් සහගත ක්‍රියාවන් යනාදි දැයින් ඔහු මිදුනු බව අදහස් කෙරේ. එමගින් මුදල් සමග විස්තර කරනු ලැබූ විටෙක, එය ධනයෙන් වඩාත් ශ්‍රේෂ්ඨතම අනුමත දෑ බවට පත් වීම අපේක්ෂා කෙරේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

