පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් අම්ර් ඉබ්නු අබසා (රළියල්ලාහු අන්හු) තුමා මට මෙසේ පවසා සිටියේය. "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."
Explanation
Benefits
අල්ලාහ්ව මෙනෙහි කිරීමට ප්‍රාර්ථනා කිරීමට හා සලාත් ඉටු කිරීමට මහිමයෙන් එකිනෙකට වෙනස් වුණු කාල වේලාවන් ඇත.
මිරක් තුමා මෙසේ පවසයි: "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ" යන ප්‍රකාශය හා "ගැත්තා, තම පරමාධිපතිට බෙහෙවින් සමීප වනුයේ සුජූද් කරමින් සිටිය දීය" යන ප්‍රකාශය අතර වෙනස නම්, පළමුවැන්නෙහි අදහස පරමාධිපතියාණන් ගැත්තාට වඩාත් සමීපයෙන් සිටින වේලාව පැහැදිලි කිරීමය. එය මධ්‍යම රාත්‍රිය වේ. දෙවැන්නෙහි අදහස ගැත්තා තම පරමාධිපතිට බෙහෙවින් සමීපයෙන් සිටින තත්ත්වය පැහැදිලි කිරීමය. එනම් එය සුජූද් කරන අවස්ථාවයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

