“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් අනුභව කරනු, දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කරන්නනි! අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පවසා සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය, දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට. ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!' යැයි ප්‍රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ ඇඳුම අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?' යැයි පැවසුහ.
Explanation
පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, ක්‍රියාව දූෂිත කරන, එය පිළිගැනීම වළක්වාලන තහනම් ආහාර සම්බන්ධයෙන් අවවාද කළ අතර, එය පිළිගැනීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ.
පළමුව: හජ් වන්දනාව, ජිහාද් නම් අරගලය හා ඥාතී සම්බන්ධකම් රැකීම වැනි අල්ලාහ්ට අවනතවන කටයුත්තක් සඳහා දිගු ගමනක නිරත වීමය.
දෙවැන්න: හිසකෙස් පීරා ගත නොහැකි හේතුවෙන් එය අවුල් වී ගිය, දූවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්ත්‍රයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හදිසි අවස්ථාවක පසුවන අයෙකි.
තුන්වැන්න: ඔහු ප්‍රාර්ථනා කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවා ගනියි.
සිව්වැන්න: අල්ලාහ් වෙත ඔහුගේ නාම ආරෝපණය කර එහි දී අහෝ මාගේ රබ්, අහෝ මාගේ රබ් යැයි අවධාරණය කොට කණ්ණලව් කරයි.
මෙවන් හේතූ සාධක ඔහු සතුව තිබුණ ද ඔහුගේ ප්‍රාර්ථනාවට සවන් දෙනු නොලැබේ. ඊට හේතුව ඔහු ගත් ආහාරය, ඔහු පානය කළ පානය, ඔහු ඇඳ ඇති වස්ත්‍රය හරාම් හෙවත් තහනම් වූ බැවිනි. ඔහු හරාම් දැයින්ම වැඩී ඇත. මෙවන් ගුණාංග ඇති අයගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නේ නැත. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කෙසේ ද?
Benefits
සර්වබලධාරී අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ක්‍රියාව පුද කරන මෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කරන මෙන් වූ නියෝගය.
ක්‍රියාව දිරිමත් කරන දෑ යොදා ගැනීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: දූතවරුන් හට කවර කරුණක් නියෝග කළේ ද එයම දේවත්වය විශ්වාස කළවුන්ට ද අල්ලාහ් නියෝග කළේය. සැබැවින් මෙය දූතවරුන්ට කර ඇති නියෝග බව දේවත්වය විශ්වාස කරන්නා දැනගත් විටෙක ඔහු භක්තිමත් වී එය පිළිපැදීමට දිරිමත් වනු ඇත.
ප්‍රාර්ථනාව පිළිගැනීමට බාධාවක් වනුයේ තහනම් දෑ අනුභව කිරීමය.
ප්‍රාර්ථනාව පිළිගනු ලැබීම සඳහා හේතුකාරණා පහක් ඇත. ඒවායින් පළමුවැන්න: දිගු ගමනක නිරත වීම. එහි දුෂ්කරතා හා බිඳ වැටීම් ඇති බැවින් පිළිතුරු ලැබීමට වඩාත් වැදගත් හේතු කරණය එය වන්නේය. දෙවැන්න: බලපෑමට ලක්වීමය. තුන්වැන්න දෑත් අහස දෙසට එසවීමය. සිව්වැන්න: අල්ලාහ්ගේ පාලන බලය ගැන නැවත නැවතත් මෙනෙහි කරමින් ඔහුගෙන් කණ්ණලව් කිරීමය. එය ද ප්‍රාර්ථනාව පිළිගනු ලැබීමට අවශ්‍ය වඩාත් වැදගත් හේතුවකි. පස්වැන්න. පිවිතුරු ආහාර පාන පරිභෝජනය.
ධාර්මික ක්‍රියාවන් සඳහා සහය සපයන හේතු කාරණාව වනුයේ පිවිතුරු, අනුමත ආහාර පරිභෝජනය කිරීමය.
අල්-කාළි තුමා මෙසේ පවසයි: අත්-තය්යිබ් හෙවත් පිවිතුරු දෑ යනු අල්-කඃබීස් හෙවත් අපිවිතුරු දෑහි විරුද්ධ පදය වේ. උත්තරීතර අල්ලාහ්ව එම පිවිතුරු දැයින් ගුණ ගායනා කරන විටෙක, සැබැවින්ම ඔහු සියලු අඩුපාඩුවලින් පිවිතුරු කිරීම හා සියලුම ව්‍යසනයන්ගෙන් පිරිසිදු කිරීම අපේක්ෂා කෙරේ. පොදුවේ ගැත්තා එමගින් වර්ණනා කරනු ලැබූ විටෙක, දූෂිත සදාචාරය, පිළිකුල් සහගත ක්‍රියාවන් යනාදි ප්‍රතිවිරුද්ධ දැයින් ඔහු මිදෙයි. එසේ එමගින් මුදල් සම්බන්ධව වර්ණනා කරනු ලැබූ විටෙක, එය ධනයෙන් වඩාත් ශ්‍රේෂ්ඨතම අනුමත දෑ බවට පත් වීම අපේක්ෂා කෙරේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

