සැබැවින්ම මතුවට අර්බුද මතුවනු ඇත. දැනගන්න, අර්බුදයක් මතු ඇති වන්නේය. එහි ගමන් කරන්නාට වඩා රැඳී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. ඒ වෙත කැප වන්නාට වඩා එහි වාඩි වී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
උස්මාන් අෂ්-ෂහ්හාම් තුමා විසින් වාර්තා කරන ලදී. මුස්ලිම් ඉබ්නු අබී බක්රා තුමා පිටියක සිටිය දී මම ෆර්කද් අස්-සබකී තුමා සමග එතුමා වෙත ගියෙමි. පසුව අපි එතුමා වෙත පිවිස: "අර්බුද සම්බන්ධයෙන් ඔබේ පියා ප්‍රකාශ කළ කතාවකට ඔබ සවන් දී ඇත්තෙහි ද?" යැයි විමසා සිටියෙමු. එතුමා: ඔව්, අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා ඒ ගැන කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා, එතුමා: 'අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව දන්වා සිටියේය.' "සැබැවින්ම මතුවට අර්බුද මතුවනු ඇත. දැනගන්න, අර්බුදයක් මතු ඇති වන්නේය. එහි ගමන් කරන්නාට වඩා රැඳී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. ඒ වෙත කැප වන්නාට වඩා එහි වාඩි වී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. දැනගන්න, එබැවින් එවැන්නක් පහළ වූ විටෙක හෝ සිදු වූ විටෙක, කවරෙකු සතුව ඔටුවෙක් ඇත්තේ ද ඔහු ඔහුගේ ඔටුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට එළුවෙකු ඇත්තේ ද ඔහු ඔහුගේ එළුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට භූමිභාගයක් ඇත්තේ ද ඔහු එම භූමි භාගය සමග සේන්දු විය යුතුයි. ඒවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, යමෙකුට ඔටුවකු හෝ එළුවෙකු හෝ භූමි භාගයක් හෝ නොමැති නම් ඒ ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔහුගේ අසිපත අතට ගෙන එහි මුවහත ගලකින් දමා ගසා ආරක්ෂාවීමට හැකි පමණින් ඔහු ආරක්ෂා විය යුතුය. අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? 'අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද?' යැයි කීහ. පසුව වාර්තාකරු තවදුරටත් මෙසේ පවසා සිටියේය: එවිට මිනිසෙකු: "අල්ලාහ්ගේ දූතයාණනි, බලඇණි දෙකින් එකකට හෝ කණ්ඩායම් දෙකින් එකකකට හෝ බල කර මා රැගෙන ගොස් මිනිසෙකු ඔහුගේ කඩුවෙන් මට පහර දී හෝ හීයෙන් විද මා ඝාතනය කළේ නම් ඒ ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?" ඒතුමා "ඔහු ඔහුගේ පාපය මෙන්ම ඔබේ පාපය ද උරුම කරගෙන අපා ගින්නේ සගයන් අතරට පත් වනු ඇත." යැයි පැවුසුහ.
Explanation
Benefits
නවවි තුමා මෙසේ පවසයි: "වාඩි වී සිටින්නා නැගිට සිටින්නාට වඩා උතුම්ය" යන ප්‍රකාශයේ සිට අවසානය දක්වා වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය වනාහි, එහි අර්ථය එහි ඇති භයානක කම විස්තර කිරීම මෙන්ම ඉන් වැළකීමට හා ඉන් පළා යාමට උනන්දු කරවීමය. සැබැවින්ම එහි හානිය හා අර්බුදය පිහිටනුයේ එයට ඇති බැඳීම මතය.
නවවි තුමා මෙසේ පවසයි: "එහි සහභාගී වීමට බල කරනු ලබන්නාගෙන් පාපය ඉවත් වේ. සැබැවින්ම ඝාතනය යනු බල කිරීමකින් සිදු නොවිය යුත්තකි. යමෙකු කවර කරුණක් සඳහා බල කරන්නේ ද ඔහු සමස්ත පාපයම උසුලනු ඇත."
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: තවත් අය මෙසේ පවසති: පිරිසක් නායකයාට එරෙහිව කටයුතු කර, ඔවුන් සතු වගකීම්වලින් ඔවුන් ඉවත්ව, ඔහු සමග යුද්ධ කරන්නේ නම්, එවිට එම පිරිස සමග සටන් කිරීම අනිවාර්යය වන්නේය. එමෙන්ම පිරිස් දෙකක් යුද වදින්නේ නම්, එය වැළැක්වීමට බලය ඇති සෑම පාර්ශවයක්ම වැරදි කරන්නාගේ අත අල්ලා, අගතියට පත් වූ අයට සහය දිය යුතුය. මෙය බහුතරයගේ මතයයි. තවත් සමහරු විස්තර කර සිටිනුයේ: පිරිසකට නායකත්වයක් නැතිව කණ්ඩායම් දෙකක් අතර යම් ආකාරයක යුද්ධයක් පැවතුණේ නම් එවිට යුද්ධය තහනම් කරනු ලබන බව ය. මෙම මාතෘකාවට අදාළ හදීස් හා අනෙකුත් හදීස් පිහිටා ඇත්තේ එම පදනම මත ය.
නවවි තුමා මෙසේ පවසයි: අර්බුද ඇති වී ඇති අවස්ථාවක අරගල කිරීම සම්බන්ධයෙන් විද්වත්හු විවිධ මත දරති. පිරිසක් මෙසේ පවසා සිටියි: මුස්ලිම්වරුන් අතර අර්බුද ඇති වූ විටෙක අරගල නො කළ යුතුය. කිසිවෙකුට එරෙහිව ඔහුගේ නිවසට ඔවුන් පිවිස ඔහුව මරා දමන මෙන් ඉල්ලා සිටියේ නම් ඔහුව ආරක්ෂා කිරීම තමන්ට අනුමත නොවේ. ඊට හේතුව ඉල්ලා සිටින්නා නියෝග කරනු ලැබ ඇති බැවිනි. මෙය අබූ බක්රා සහ අනෙකුත් සහාබිවරුන්ගේ පිළිවෙතයි. ඉබ්නු උමර් සහා ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) යන සහාබාවරු දෙදෙනා හා වෙනත් අය පවසා ඇත්තේ: එහි නොපිවිසිය යුතු බව ය. නමුත් තමන් ඔහු ආරක්ෂා කිරීමට සිතුවේ නම්, ඔහුව ආරක්ෂා කළ යුතු බවයි. මෙම අදහස් දෙකින්ම ඒකමතිකව පැහැදිලි වනුයේ ඉස්ලාමයේ මතුවන සියලුම අර්බුදවලදී තමන් එහි නියැලීම අත් හැර දැමිය යුතු බව ය. බහුතර සහාබාවරු හා ඔවුන්ගේ අනුගාමකයෝ සහ ඉස්ලාමයේ පොදු විද්වත්හු පවසා ඇත්තේ: අර්බුදයක දී සත්‍යය පාර්ශවය වෙත උදව් කළ යුතු බවත් අපරාධකරුවන් සමග අරගල කිරීමේ දී ඔහු සමග සිටගත යුතු බවත්ය. එය උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කර ඇති සේය. එනම්: "අල්ලාහ්ගේ නියෝගය වෙත ඔවුන් නිවී යන තෙක් අපරාධකරුවන් සමග ඔබ අරගල කරනු.." නිවැරදි මතය වනුයේ මෙයයි. මෙම හදීස් පුරෝකතනය කරනුයේ සත්‍යය වන්තයා කවුරුන් දැයි නොදන්නා අය සම්බන්ධයෙන් හෝ එක් කණ්ඩායමක් නිවැරදි යැයි කිව නොහැකි අපරාධකාරී කණ්ඩායම් දෙක සම්බන්ධයෙනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

