“කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: “කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත. තවද කවරෙකු නො දුටු ධජයක් යටතේ සටන් වැද, පක්ෂයට හෝ පක්ෂය වෙත ඇරයුම් කිරීමට හෝ පක්ෂයට උදව් කිරීමට හෝ උරණ වී, පසුව ඝාතනය කරනු ලැබුවේ ද එසේ මරණයට පත්වීමත් ජාහිලිය්යා යුගයේ මරණයක් මෙන් වන්නේය. එමෙන්ම කවරෙකු මාගේ ප්‍රජාවට විරුද්ධව බැහැර ව ගොස්, එහි දැහැමියන්ට හා දුෂ්ඨයින්ට පහර දී එහි දේවත්වය විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට හිංසා කිරීමෙන්) ඉවත්ව නොසිට, තමන් සමග ගිවිස ගත් ගිවිසුමක් ඇති අයට එය ඉටු නොකරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවේ. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි.”
Explanation
"සත්‍යයේ මුහුණුවර අසත්‍යයෙන් පැහැදිලි නොවන ධජයක් යටතේ සටන් කරන කවරෙකු වුව ද ඔහු කෝප වන්නේ තම ජනතාව හෝ තම ගෝත්‍රය කෙරෙහි වන උමතුව නිසා මිස ආගමට සහ සත්‍යයට සහාය දැක්වීමට නොවේ. එබැවින් ඔහු පැහැදිලි සාධකයකින් තොරව කිසිදු දැනුමකින් තොරව උමතුවාදයෙන් සටන් කරයි. ඔහු එම තත්වයේදී මරා දමනු ලැබුවහොත් එය අඥානයේ මියගියාක් හා සමාන ය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සමාජයට විරුද්ධව කැරලි ගසන කවරෙකු වුව ද, ඔහු එහි ධාර් මිකයින් හා දුෂ්ඨයින් සියලු දනන් හට පහර දෙන අතර, ඔහු කරන දේ ගැන තැකීමක් නොකරයි. එහි දේවත්වය විශ්වාස කරන්නෙකු මරා දැමීමේ දඬුවමට ඔහු බිය නොවෙයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෝ ඔවුන්ගේ ගිවිසුම සමඟ කටයුතු කරන පාලකයන්ගේ ගිවිසුම ඉටු නොකරයි. එය කඩ කරයි. මෙය මහා පාපයන්ගෙන් එකකි. කවුරුන් එසේ කටයුතු කරන්නේද, මෙම දරුණු තර්ය ජනයට ඔහු සුදුස්සෙකු වන්නේය.
Benefits
නායකයාට අවනත වීමෙන් බැහැර ව කටයුතු කර, මුස්ලිම්වරුන්ගේ කණ්ඩායමෙන් වෙන් වන්නට බලන උදවියට මෙහි දැඩි තර්ජනයක් පවතී. එහෙයින් කවරෙකු එම තත්ත්වයේම මිය යැඳුනේ ද ඔහු අඥාන යුගයේ වාසීන් සිටි මාර්ගයේ මත මිය ගිය අයකු මෙන් වේ.
උමතුවෙන් මුරණ්ඩුවෙන් ඝාතනය කිරීම තහනම් බව මෙම හදීසයේ සඳහන්ව ඇත.
ගිවිසුම් ඉටු කිරීම අනිවාර්යය වේ.
නායකත්වයට අවනත වීම හා සාමුහික බැඳියාව තුළ ආරක්ෂාව, සැනසුම, සියලු තත්ත්වයන්හි විධිමත්භාවය මෙන්ම බොහෝ යහපත ඇත.
ජාහිලිය්යා නම් අඥාන යුගයේ විසූවන්ට සමාන වීමේ තහනම.
මුස්ලිම් සමූහයා සමග බැඳී සිටීමේ නියෝගය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

