සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි."
Explanation
Benefits
ප්‍රකාශයේ දී හා විශ්වාසයේ දී සුවිශුද්ධ අල්ලාහ් සමග විනයානුකූලව කටයුතු කිරීම.
කළා හෙවත් දිව්‍ය තීන්දුව හා කද්ර් හෙවත් පෙර නියමය විශ්වාස කළ යුතු අතර පීඩාවන් මත ඉවසීමෙන් කටයුතු කළ යුතු ය.
ශාරීරික හිංසාවෙන් තොර වේදනාව: මිනිසා අශීලාචාර දෑට සවන් දීමෙන් හෝ එය දැකීමෙන් වේදනාවට පත් වෙයි. නමුත් එමගින් ඔහු ශාරීරික හිංසනයට පත් වන්නේ නැත. තවද, ළූණු සහ සුදු ළූණු වැනි පිළිකුල් සහගත ගන්ධය නිසාවෙන් ඔහු වේදනාවට පත් වෙයි. නමුත් එමගින් ඔහු ශාරීරික හිංසනයට පත් වන්නේ නැත.
ගැත්තන්ගෙන් ඇතැම් නපුරු ක්‍රියාවන් තුළින් සර්වබලධාරී අල්ලාහ් වේදනාවට පත් වන්නේය. නමුත් එමගින් හිංසාවට පත් වන්නේ නැත. එය දිව්‍යමය ප්‍රකාශ ඇතුළත් හදීසයේ උත්තරීතර අල්ලාහ් පවසා සිටියාක් මෙනි. එනම්: "අහෝ මාගේ ගැත්තනි! කිසිවිටෙකත් නුඹලා මට හිංසා කිරීමට පෙළඹී නුඹලා මට හිංසා කළ නො හැක. එමෙන්ම කිසිවිටෙකත් මට ප්‍රයෝජනය සැළසීමට පෙළඹී නුඹලා මට සෙත සැළසිය නො හැක.
කාලයට හා එහි ස්වභාවයට දොස් නැගීම කොටස් තුනකට බෙදී යයි. 1- ක්‍රියා කරන්නා කාලය වේ. සැබැවින්ම යහපත හා අයහපත වෙත කරුණු පෙරළා දමන්නේ කාලයයි, යන පදනම මත කාලයට බැණ වැදීම. එය මහා ෂිර්ක් ගණයට අදාළ වේ. මක්නිසාද යත් මැවුම්කරු ලෙස අල්ලාහ් සිටිය දී එය එසේ සිදු කරන බව විශ්වාස කිරීමය. එමෙන්ම අල්ලාහ් නොවන දෑ වෙත සිදුවීම්වල පැවැත්ම සම්බන්ධ කිරීමය. 2- ක්‍රියාත්මක කරන්නා කාලය බව විශ්වාස නොකර එයට බැණ වැදීම. එහි දී සැබැවින්ම එය ක්‍රියා කරවන්නා අල්ලාහ් බව විශ්වාස කරන නමුත් එයට බැණ වදියි. මෙම පිළිකුල් සහගත කරුණ සම්බන්ධයෙන් අල්ලාහ් අබියස ස්ථාවරයක් ඇත. එනම්: එය හරාම් -තහනම්- යන්නය. 3- දොස් නොකියා යහපත් තොරතුරක් ඉන් බලා පොරොත්තු වීම. එය අනුමතය. එය "මෙය දුෂ්කර දිනයකි" යැයි ලූත් අලයිහිස් සලාම් පවසා සිටියාක් මෙනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

