افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#66210[صحيح]
HadeethEnc · 1.24.0

අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්,

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම අකබා රාත්‍රියේ ප්‍රමුඛයින් අතරින් කෙනෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ ප්‍රකාශ කළ අවස්ථාවේ එතුමාණන් වටා එතුමාණන්ගේ අනුගාමිකයෝ සිටියහ. "අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, ඔබේ දරුවන් ඔබ මරා නොදමන බවටත්, ඔබේ අත් හා ඔබේ පාද අතර ඔබ ගොතන අවලාද ගෙන නොයන බවටත්, යහපත් කටයුතුවලදී පිටු නොපාන බවටත් ඔබ මට ප්‍රතිඥා දෙන්න. ඔබ අතරින් කිසිවකු හෝ මෙය ඉටු කළේ නම්, ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි දඬුවම් කරනු ලබන අතර එය ඔහුට ප්‍රතිකර්මයක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූවකි. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් කරනු ඇත." පසුව අපි ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්නෙමු.
02

Explanation

උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: එතුමා මහා බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම -අල්ලාහ්ගේ දූතයාණන් මදීනාවට හිජ්රත් කිරීමට පෙර මක්කාවේ රැඳී සිටියදී- මිනාහි අකබා රාත්‍රියේ දී අල්ලාහ්ගේ දූතයාණන් හට තමන් උදව් කරන මෙන් ප්‍රතිඥා දීමට පෙරමුණ ගත් අය අතරින් ඔහුගේ ප්‍රජාවේ ප්‍රමුඛ අයෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් සහාබාවරුන් අතර වාඩි වී සිටිය දී කරුණු කිහිපයක් මත තමන්ට ප්‍රතිඥා දෙන මෙන් එතුමාණෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. පළමුවැන්න: සුළු ප්‍රමාණයෙන් වුව ද අල්ලාහ්ට නැමදුමෙහි කිසිවක් ඔවුන් ආදේශ නොකරන බවටත්, දෙවැන්න: ඔවුන් සොරකම් නොකරන බවටත්, තුන්වැන්න: කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, සිව්වැන්න: ඔවුන්ගේ පිරිමි දරුවන් දිළිඳුකමට බියෙන් හා ගැහැණු දරුවන් ලැජ්ජාවට බියෙන් ඔවුන් මරා නොදමන බවටත්, පස්වැන්න: ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද අතර ඔවුන් ගොතන ලද බොරු නො ගෙනන බවටත්, සෙසු ශරීර අවයව එහි හවුල් වුව ද බොහෝ විට එම ක්‍රියාවන් සිදුවනුයේ ඒ දෙක තුළිනි. හයවැන්න: යහපත් කටයුතුවලදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පිටු නොපාන බවටත් ය. කවරෙකු එම ප්‍රතිඥාව මත පදනම්ව ඒවා පිළිපදින්නේ ද ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. -ෂිර්ක් හෙවත් දේව ආදේශය හැර- සඳහන් කරන ලද දැයින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි ඔහුට දණ්ඩ නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. එය ඔහුට ප්‍රතිකර්මයක් වන අතර පාපය ඔහුගෙන් ඉවත් වීමට රුකුලක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූ කරුණක් වන්නේය. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් දෙනු ඇත. පසුව සහභාගි වී සිටි සියලු දෙනා ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්හ.
03

Benefits

ජිහාද් අනිවාර්යය වීමට පෙර මක්කාවේ දී සිදු වූ පළමු අකබා ගිවිසුමෙහි අන්තර්ගත වූ කරුණු පැහැදිලි කිරීම.
සින්දී තුමා මෙසේ පවසයි: (යහපත් කටයුතු වලදී) යන එතුමාණන්ගේ ප්‍රකාශය වනාහි: සැබැවින්ම එතුමාණන්ගේ සියලුම කටයුතු යහපත් බව සගවන්නට කිසිවක් නැත. ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් මින් නිරූපණය නොවේ. (යහපත් කටයුතුවල දී) යන එතුමාණන්ගේ ප්‍රකාශය අවනතභාවය අනිවාර්යය වීමේ හේතු සාධක දන්වා සිටිනු පිණිසය. ඒ අනුව යහපත් නොවන කටයුතුවල දී මිනිසුන් හට අනවත නොවිය යුතුය. යහපත් කටයුතු වලදී අවනත වීමේ කොන්දේසිය ගිවිසුමෙහි පමණක් නොව පොදුවේ අත්‍යවශ්‍ය කරුණක් වන්නේය.
මුහම්මද් ඉබ්නු ඉස්මාඊල් අත්-තයිමී තුමා හා තවත් කිහිප දෙනෙක් මෙසේ පවසා සිටිති: "මෙහි දරුවන් මරා දැමීම විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ එය මිනිස් ඝාතනයක් මෙන්ම ඥාතී සම්බන්ධකම් කපා හැරීමක් වන බැවිනි. එබැවින් මෙහි සඳහන් එම තහනම තරයේම සැළකිල්ලට ගත යුතු ය. එමෙන්ම එය ඔවුන් අතර සුලභ ව පැවති පුරුද්දක් වන බැවිනි. එනම් ගැහැණු දරුවන් වළලා දැමීම හා දිළිඳු කමට බියෙන් පිරිමි දරුවන් ඝාතනය කිරීම ය. එසේ නැතහොත් පිරිමි දරුවන් විශේෂයන් සඳහන් කර ඇත්තේ, ඔවුන් හේතුවෙන් තමන් සඳහා වූ වියදම් කප්පාදු වී ඒ සඳහා බාධාවක් විය හැකි බැවිනි.
නවවි තුමා මෙසේ පවසයි: "නියත වශයෙන්ම අල්ලාහ්ට ආදේශ කිරීම සඳහා ඔහු සමාව දෙන්නේ නැත." යන උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙම හදීසයේ ඇති වැදගත්ම කාරණයෙන් සුවිශේෂී වනු ඇත. එබැවින් ආගම අත්හැර දමා ප්‍රචණ්ඩත්වය පතුරුවන්නා එසේ සිදු කිරීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ ද එසේ ඔහු මරුමුවට පත්වීම ඔහුට ප්‍රතිකර්මයක් වන්නේ නැත.
අල්-කාළී ඉයාළ් තුමා මෙසේ පවසයි: "සැබැවින්ම දණ්ඩ නීති ක්‍රියාත්මක කිරීම ප්‍රතිකර්ම වන බව බහුතර විද්වත්හු සඳහන් කරති."

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...