අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ.
Explanation
එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ 'කරුණු තුනක් සම්බන්ධයෙන් ඔබ වැළකී සිටිය යුතු' බව පවසා සිටියහ.
පළමුවැන්න: යහපතක් නැති හා හිංසනීය සෑම ප්‍රකාශයකින්ම ඔබේ දිව ආරක්ෂා කර ගන්න. යහපත හැර වෙනත් කිසිවක් කතා නොකරන්න.
දෙවැන්න: හුදෙකලාවෙහි අල්ලාහ්ව නැමදීම සඳහා ඔබේ නිවසේ රැඳී සිටින්න. අල්ලාහ්ට අවනතවන කටයුතුවල නිරත වන්න. අර්බුදවලින් ඈත් වී ඔබේ නිවසේ රැඳී සිටින්න.
තුන්වැන්න: ඔබ කළ පාපයන් ගැන පසුතැවිලි වී හඬා වැළපෙමින් පාපක්ෂමාවෙහි නිරත වන්න.
Benefits
මෙලොව හා මතුලොවෙහි ආරක්ෂාවට තුඩු දෙන හේතූන් පැහැදිලි කිරීම.
තවත් කෙනෙකුට සෙත සැළසීමට ආපොහොසත් වූයේ නම් හෝ මිනිසුන් සමග ඇසුරු කරන විට තම දහමට හා තම ජීවිතයට හානියක් ඇති වනු ඇතැයි බිය වූයේ නම් හෝ මිනිසා තම පුද්ගලික විෂයන් හි පමණක් කටයුතු කිරීම සඳහා දිරිගැන්වීම.
නිවසේ වැදගත් කම පෙන්වා දී ඇත. අර්බුදකාරී තත්ත්වයක එය සුවිශේෂී වේ. එය දහම ආරක්ෂා කිරීමේ එක් මාධ්‍යයකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

