ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.”
තවත් වාර්තාකව ඔබ අතරින් කිසිවකු හෝ පාළු කාන්තාරයක තම සත්වයා සමග සිටියදී එකවර ඌ මත තිබුණු ඔහුගේ ආහාර හා ඔහුගේ පානය සමගම ඌ නැතිවිය. පසුව ඒ ගැන ඔහු බලාපොරොත්තු සුන් කර ගනිමින් ගසක් වෙත පැමිණ එහි හෙවණෙහි හාන්සි විය. ඔහුගේ සත්වයා පිළිබඳ බලාපොරොත්තු සුන්විය. එසේ සිටින අතරවාරයේ ඔහු ඉදිරියේ ඌ සිටගෙන සිටී. පසුව උගේ කඩිවාලමෙන් අල්ලාගෙන අත් වූ දැඩි සතුට හේතුවෙන් අහෝ අල්ලාහ්! ඔබ මාගේ ගැත්තාය මම ඔබේ පරමාධිපතිය යැයි පවසයි. එසේ ඔහු වැරදියට පවසා සිටියේ දැඩි සතුට හේතුවෙනි. එවැන්නෙකුට වඩා අල්ලාහ් තම ගැත්තකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටු වන්නේය.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

