කවරෙකු කන්දෙන් පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී නිරන්තරයෙන්ම එසේ පණිමින් සිටියි
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු කන්දෙන් පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී නිරන්තරයෙන්ම එසේ පණිමින් සිටියි. කවරෙකු වස පානය කර සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලික ලෙස අපා ගින්නට වී, ඔහුගේ අතට වස දෙනු ලැබ, ඔහු එසේ නිරන්තරයෙන්ම වස බොමින් සිටියි. කවරෙකු යකඩයකින් සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී ඔහුගේ අතට එම යකඩය දෙනු ලැබ, ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ කුසට එමගින් ඇණ ගනිමින් සිටියි."
Explanation
Benefits
හදීසයේ සඳහන් කර ඇති දෑ සිය දිවි හානිකර ගැනීමේ වර්ග සඳහා වූ උදාහරණ කිහිපයක් පමණි. නමුත් කෙනෙකු කවර මාර්ගයක් යොදා ගනිමින් සිය දිවි හානි කර ගන්නේ ද ඔහුගේ ජීවිතයට සිදු කරගත් දැයින්ම ඔහු දඬුවමට ලක් කරනු ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ හදීසයක් සහීහ් අල්-බුහාරි හි මෙසේ සඳහන් වේ. "කවරෙකු ගෙල මිරිකා ගනිමින් සිය දිවි හානි කර ගන්නේ ද ඔහු අපා ගින්නේ හුස්ම හිරකරගනිමින් සිටී. කවරෙකු ඇනගනිමින් සියදිවි හානි කර ගන්නේ ද ඔහු අපා ගින්නේ ඇනගනිමින් සිටී."
නවවි තුමා මෙසේ පවසයි: "ඔහු අපා ගින්නේ සදාතනිකයෙකු වී එහි නිරන්තරයෙන්ම සිටී" යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය වනාහි එහි විවිධ ප්‍රකාශ දැක ගන්නට පුළුවන. ඉන් පළමුවැන්න: ඔහු එම ක්‍රියාව දැන දැනම අනුමත කර ගෙන එසේ සිදු කරන්නා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු වේ. ඔහුගේ දඬුවම එයම ය. දෙවැන්න: සදාතනිකභාවය යනුවෙන් අදහස් කරනුයේ කාලය පුරාවටම, දිගු කාලයක් රැඳී සිටීමය. එම කාලයට නියමයක් නැත යන්නය. එය ආධිපත්‍යයේ බලය අල්ලාහ් සදාතනික කර දුන්නේ ය යනුවෙන් පවසන්නාක් මෙනි. තුන්වැන්න: එයට ප්‍රතිවිපාක හිමි වන නමුත්, උත්තරීතර අල්ලාහ් ඔහුට කරුණාව දක්වනු ඇත. සැබැවින්ම ඔහු මුස්ලිම්වරයකු ලෙස මිය ගියේ නම් එසේ අපා ගින්නේ සදාතනික වන්නේ නැත යැයි දන්වා ඇත.
මෙය ලෞකික අපරාධවලට දඬුවම සඳහා වන මතුලොවෙහි පවතින සමජාතී දඬුවමකි. එසේ එය ගනු ලබනුයේ සියදිවි හානිකර ගැනීම, ඔමු තවත් කෙනෙකු ඝාතනය කිරීමේ දඬුවම හා සමාන ක්‍රියාවක් වන බැවිනි. ඊට හේතුව, ඔහුගේ ආත්මය ඔහුට කිසිසේත් අයිති දෙයක් නොවන බැවිනි. එය උත්තරීතර අල්ලාහ් සතු දෙයකි. එබැවින් අල්ලාහ් කවර කරුණක් ඒ සඳහා අනුමත කරන්නේ ද ඒ හැර වෙනත් කිසිදු ක්‍රියාමර්ගයක් ඒ වෙනුවෙන් ගත නො හැක.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

