මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මහා පාපකර්මයන්: අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම, ආත්මයක් ඝාතනය කිරීම, බොරු දිවුරුම් දීම."
Explanation
ඒවායින් පළමුවැන්න අල්ලාහ්ට ආදේශ තැබීමයි: එනම්, කිසියම් හෝ නැමදුම් ක්‍රමයක් අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට යොමු කිරීම. අල්ලාහ්ගේ දේවත්වය, ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංග යනාදියෙහි අල්ලාහ් නොවන වෙනත් අය අල්ලාහ් සමග සමාන කිරීම.
දෙවැන්න "දෙමව්පියන්ට හිංසා කිරීම" එනම් වචනයකින් හෝ ක්‍රියාවකින් හෝ දෙමව්පියන්ට හිංසා පීඩා ඇති කරන සෑම කරුණක්ම හා ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කිරීම අත්හැර දැමීමය.
ඒවායින් තුන්වැන්න, අපරාධකාරී ලෙස හා සතුරුකමින් මිනිසෙකු ඝාතනය කිරීම වැනි කිසිදු යුක්තියකින් තොරව "ආත්මයක් ඝාතනය කිරීම"
සිව්වැන්න: "බොරු දිවුරුම් දීම" එනම්, බොරු කියන බව දැන දැනම බොරුවට දිවුරා සිටීම. එලෙස නම්කිරීමට හේතුව එය අදාළ පුද්ගලයාව පාපයේ හෝ අපා ගින්නේ ගිල්වන බැවිනි.
Benefits
මෙම හදීසයේ මෙම බරපතල පාපකම් කෙටියෙන් සඳහන් කර ඇත්තේ ඒවායෙහි පාපය අතිමහත් වන බැවිනි. නමුත් ඒවාට පමණක් සීමා වන්නේ නැත.
පාපකම් මහා හා කුඩා යනාදි ලෙස බෙදී ඇත. මහා පාපකම් යනු, දණ්ඩ නීතියට හා ශාපයට ලක්වන ආකාරයේ ලෞකික වශයෙන් දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන හා අපා ගින්නට පිවිසීමේ අනතුරු අඟවා ඇති පරිදි, මතුලොව අනතුරු අඟවා ඇති, මතුලොව දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන සෑම පාපයක්ම වේ. මහා පාපයන් බරපතලය. තහනම් කිරීමේ දී ඇතැම් පාපකම් ඇතැම් දෑට වඩා දරුණුය. මෙම මහා පාපකම් හැර සෙසු දෑ සුළු පාපයන් ලෙස සැළකේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

