මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරන දැහැමි දරුවා
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරන දැහැමි දරුවා."
Explanation
පළමුව: පුණ්යභාරය, මස්ජිද් ඉදි කිරීම, පොදු ලිං තනා දීම වැනි ප්රතිඵල ගලා යන, විසන්ධි නොවන, සමාජයට සදහටම පවතින දානයයි.
දෙවැන්න: දැනුමෙන් සපිරුණු පොත් පත් නිර්මාණය කිරීම, පුද්ගලයකුට ඉගැන්වීම වැනි සෙසු මිනිසුන් ප්රයෝජනය ලබන දැනුමයි. එය ඔහුගේ මරණයෙන් පසු එය පැතිර යාමෙන් අදාළ තැනැත්තා එය ක්රියාත්මක කිරීමට පෙළඹෙන බැවිනි.
තුන්වැන්න: තම දෙමාපියන්ට ප්රාර්ථනා කරන දේවත්වය විශ්වාස කරන දැහැමි දරුවා.
Benefits
මෙම හදීසයේ මෙම කරුණු තුන විශේෂයෙන් සඳහන් කර ඇත. මක්නිසාද යත් ඒවා යහපත්කමේ මූලය වන බැවිනි. එමෙන්ම උතුම් මිනිසුන් අදහස් කරන බොහෝ දේ ඔවුන්ගෙන් පසුව පවතිනු ඇත.
(තමන් විසින් ඉගැන් වූ, සෙසු අය විසින් එහි) ප්රයෝජනය ලබන සෑම දැනුමක්ම ඔහුට ප්රතිඵල ළඟා කර දෙයි. නමුත් ඒ අතරින් සිරස හා මුදුන වනුයේ ෂරීආ හෙවෙත් ආගමික දැනුම හා එයට අනුබල දෙන විද්යාවන් ය.
මෙම කරුණු තුන අතරින් වඩාත් ප්රයෝජනවත් වන කරුණ වනුයේ දැනුමයි. ඊට හේතුව සැබැවින්ම දැනුම වනාහි එය හදාරන මිනිසා එමගින් ප්රයෝජනය ලබන බැවිනි. මෙහිදී දැනුම යනු ෂරීආ හෙවත් ආගමික කරුණු ආරක්ෂා කරන දැනුමයි. පොදුවේ එහි ජනයාට ප්රයෝජන ඇත. එය පොදුවේ සියල්ල ආවරණය කරන්නකි. ඔබේ ජීවිතය තුළ ඔබ ලබා ඇති ඔබේ දැනුමෙන් හදාරන එම දැනුම ඔබේ මරණයෙන් පසුව ද පවතින බැවිනි.
දැහැමි දරුවන් ඇති දැඩි කිරීමට දිරිගැන්වීම, ඔවුන් තම දෙමාපියන්ට මතුලොවෙහි ප්රතිලාභ ලබා දෙන අය වෙති. ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කර සිටීම ඔවුන්ගෙන් හිමිවන එක් ප්රතිලාභයකි.
තම දෙමාපියන් මිය ගිය පසුව ඔවුන් වෙත ත්යාගශීලීව කටයුතු කිරීම සඳහා දිරිගැන්වීම. එයද දරුවා විසින් ප්රයෝජනය ලබන දැහැමි කටයුතු අතරින් එකකි.
දරුවකු නොවූවද කෙනෙක් අයදින ප්රාර්ථනාවන් මිය ගිය ඇත්තන්ට සෙත සලසයි. නමුත් මෙහි විශේෂයෙන් දරුවා යැයි සඳහන් කර ඇත්තේ බොහෝ විට ඔහු ද මිය යන තෙක්ම එම පුද්ගලයා වෙනුවෙන් ප්රාර්ථනා කිරීමෙහි අඛණ්ඩව නිරත වන බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

