කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු රදවා ගන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහර, උගේ පානය, උගේ මළ හා උගේ මූත්රා යනාදිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාදියේ පවතී.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු රඳවා ගන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහර, උගේ පානය, උගේ මළ හා උගේ මූත්රා යනාදිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාදියේ පවතී.“
Explanation
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ දිගු හදීසයක මෙසේ සඳහන් වී ඇත.
අශ්වයින් තුනකි. එය මිනිසාට බරක් වෙයි. එය මිනිසාට ආවරණයක් වේ. එය මිනිසාට කුසලක් වෙයි. පසුව මෙසේ පවසා සිටියහ. ඔහුට කුසල් ලබා දෙන්නා වූ අශ්වයා වනාහි මුස්ලිම්වරුන් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ මිනිසෙකු තණ පිට්ටනියක හෝ උද්යානයක හෝ බැඳ දමා ඇති අශ්වයාය. එම තණ පිට්ටනියෙන් හෝ උද්යානයෙන් ඌ අනුභව කරන තරමට කුසල් ඔහුට ලියනු ලැබේ. එමෙන්ම උගේ මළ හා මූත්රාවල තරමට කුසල් ලියනු ලැබේ. උගේ කඩිවාලම කපා නොදමා උස් තැනිතලාවක් හෝ උස් තැනිතලා දෙකක් පසුකර යන විට උගේ මළ හා උගේ මූත්රා තරමට අල්ලාහ් එහි හිමියාට යහපත ලියනු මිස නැත. උගේ හිමියා ගඟක් අසළින් ගමන් කර ඌ ඉන් ජලය පානය කොට ඔහු ඌට ජලය සපයන්නට නොසිතුවද ඌ පානය කරන තරමට යහපත අල්ලාහ් ඔහුට ලියනු ඇත.“ බුහාරි හා මුස්ලිම්.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

