افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65124[صحيح]
HadeethEnc · 1.24.0

කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
02

Explanation

කරුණු හතරක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඒවා මුස්ලිම්වරයකු තුළ එකතු වී තිබූ විටෙක එම කරුණ හේතුවෙන් ඔහු කුහකයින්ට දැඩි සේ සමාන වනු ඇත. මෙහි පවසා ඇත්තේ එම කරුණු අබිබවා ගිය අය සම්බන්ධයෙනි. නමුත් මේ ගුණාංග දුර්ලබ කෙනෙකු නම් ඔහු ඒ තුළට නොවැටෙනු ඇත. එනම්:

පළමුවැන්නා: ඔහු කතා කළ විට වුවමනාවෙන්ම බොරු කියයි. ඔහුගේ කතාව තුළ සත්‍යයක් දකින්නට නොලැබේ.

දෙවැන්නා: යම් ගිවිසුමක් ගිවිස ගත් විටෙක, එය සම්පූර්ණ නොකරයි. අදාළ තැනැත්තාට වංචා කරයි.

තුන්වැන්නා: යම් පොරොන්දුවක් දුන් විටෙක එය ඉටු නොකර, ඒ තැනැත්තා එය කඩ කරයි.

සිව්වැන්නා: යමෙක් සමග ඔහු වාද විවාද කළ විට ඔහුගේ තර්කය කෲර වේ. සත්‍යයෙන් ‌වෙනතකට නැඹුරු වෙයි. එය ප්‍රතික්ෂේප කිරීමට ‌හා නිෂ්ඵල කිරීමට පෙළඹේ. බොරුව හා ව්‍යාජ දෑ පවසයි.

සැබැවින්ම කුහකත්වය යනු අභ්‍යන්තරයේ ඇති දෑට පටහැනි යමක් ප්‍රදර්ශනය කිරීමකි. මෙම ගුණාංග ඇති උදවිය තුළ මෙම අර්ථය දක්නට ලැබේ. ‌ඔහුගේ කුහකත්වය මිනිසුන් අතරින් ඔහු කවර අයකු සමග කතා කළේ ද, ඔහු කවර අයකුට පොරොන්දු දුන්නේ ද, කවර අයකු විසින් ඔහුව විශ්වාස කළේ ද කවර අයකු සමග ඔහු තර්ක කළේ ද කවර අයකු සමග ගිවිසුම්වලට එළැඹුනේ ද එවැන්නාගේ අයිිතිය තුළ පවතින්නකි. ඉස්ලාමය තුළ මුනාෆික් (කුහකයා) යනු අභ්‍යන්තරයේ දේව ප්‍රතික්ෂේප සඟවාගෙන මතුපිටින් ඉස්ලාමය ප්‍රදර්ශනය කරන්නාය. මෙම කරුණු අතරින් යම් කරුණක් කවරෙකු තුළ හෝ වී නම් ඔහු එය අත්හැර දමන තෙක් ඔහු තුළ කුහකත්වයේ ලක්ෂණයක් වන්නේමය.
03

Benefits

කුහකයාගේ ඇතැම් ලක්ෂණය මෙහි විස්තර කර ඇත්තේ ඒ ගැන බිය ඇති කිරීමටත් එහි ඇද වැටීම ගැන අවවාද කිරීමටත් බව සළකන්න.
හදීසයේ අදහස නම්: සැබැවින්ම මෙම කරුණ කුහකත්වයේ කරුණු වෙති. අදාළ පුද්ගලයා මෙම කරුණුවල දී කුහකයින්ට සමාන වන්නේය. ඔවුන්ගේ ගතිගුණවලින් හෙබි අයකු වන්නේය. නමුත් ඔහු අභ්‍යන්තරයේ දේව ප්‍රතික්ෂේපය සඟවා තබාගෙන ඉස්ලාමය ප්‍රදර්ශණය කරන කුහකයකු තරමට වන්නේ නැත. කවරෙකු තුළ මෙම කරුණු තුන ඉක්මවා ගොස් ඒ ගැන ඔහු නොසැළකිලිමත් වී එය සුළු දෙයක් ‌බව සළකන්නේ ද මෙම ප්‍රකාශය අදාළ වනුයේ ඔහුට බව ප්‍රකාශ වෙයි. එසේ ඔහු එම තත්ත්වයේ පසුවූයේ නම්, ඔහු බොහෝ විට ප්‍රතිපත්තිමය වශයෙන් ද දූෂිත අයකු වේ.
ගස්සාලි තුමා මෙසේ පවසයි: ආගමේ මූලය කරුණු තුනකට සීමා වී ඇත. එනම් ප්‍රකාශය, ක්‍රියාව සහ චේතනාවයි. මෙය පෙන්වා දෙනුයේ මුසාවාදයෙන් ඇති වන දූෂිත වචනය, ද්‍රෝහි වීමෙන් ඇති වන දූෂිත ක්‍රියාව හා වංක වීමෙන් ඇතිවන දූෂිත චේතනාවයි. ඊට හේතුව පොරොන්දුවක් කඩ කිරීමේ චේතනාව පොරොන්දුව හා සැසඳිය හැකි නම් මිස අපකීර්තියට පත් නොවේ. කෙසේ වෙතත්, ඔහු අධිෂ්ඨාන කර ගත් පසු ඔහුට බාධාවක් හෝ අදහසක් මතු වූයේ නම්, එවිට එය ඔහු තුළ පවතින කුහකකමේ ගුණාංගයක් බව සළකනු නො ලැබේ.
කුහක භාවය වර්ග දෙකකි: ප්‍රතිපත්තිමය වශයෙන් පවතින කුහකත්වයයි. එය ‌ඊමාන් හෙවත් ‌දේව විශ්වාසයෙන් ඔහුව බැහැර කරයි. එනම් ඉස්ලාමය ප්‍රදර්ශනය කරමින් ප්‍රතික්ෂේපය ඔහු තුළ සඟවා ගැනීමය. අනෙක ක්‍රියාව මත පදනම් වූ කුහකත්වය. එනම් ඔවුන්ගේ ගතිගුණ කුහකයින්ට සමාන වීමය. එය අදාළ පුද්ගලයාව දේව විශ්වාසයෙන් බැහැර නොකරන නමුත් එය මහා පාපයන්ගෙන් එකක් බව විද්වතුන් පවසති.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සැබැවින්ම තම හදවතින්, තම දිවෙන් විශ්වාස කර ක්‍රියාවෙන් මෙය සහතික කර සිටින්නා අවිශ්වාස කරන්නෙකු ලෙස විනිශ්චය නොකෙරෙන අතර ඔහු කෙරෙහි දේව ප්‍රතික්ෂේපයේ නීතිය බල පවත්වන්නේ නැත. ඔහු අපා ගින්නේ සදාතනිකභාවය හිමි කර ගන්නා කුහකයකු නොවන බව විද්වතුන් සියළු දෙනාම ඒකමතිකව එකඟ වී ඇත.
නවවි තුමා මෙසේ පවසයි: විද්වතුන්ගෙන් පිරිසක් මෙසේ පවසා ඇත: එනම් මෙහි 'කුහකයෝ' යනුවෙන් අදහස් කරනුයේ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ සිටි, ඔවුන්ගේ දේව විශ්වාසය ගැන කතා කර, පසුව බොරු කළ, ඔවුන්ගේ විශ්වාසය මත සහතික වී පසුව ද්‍රෝහි වූ, ආගමික කටයුතු සම්බන්ධයෙන් හා එයට උපකාර කරන බවට පොරොන්දු වී පසුව එය කඩ කර ඔවුන්ගේ ආරවුල්වල අකෘතඥ විය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...