නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
හිත්තාන් ඉබ්නු අබ්දුල්ලාහ් අර්-රකාෂී විසින් වාර්තා කරන ලදී. මම අබූ මූසා අල්-අෂ්අරී සමග සලාතයක් ඉටු කළෙමි. හෙතෙම වාඩි වී සිටි අවස්ථාවේ එම පිරිස අතරින් මිනිසෙකු: "උපකාරය හා සකාතය සලාතය සමග සම්බන්ධ කෙරී ඇත' යැයි පැවසීය. අබූ මූසා සලාතය නිමා කොට හැරුණු විට, ඔහු: 'ඔබ අතරින් මේ මේ වචන ප්‍රකාශ කර සිටියේ කවුරුන්දැ?'යි විමසා සිටියේය. පිරිස නිහඬව සිටියේය. පසුව නැවතත් 'ඔබ අතරින් මේ මේ වචන ප්‍රකාශ කර සිටියේ කවුරුන්දැ?'යි විමසා සිටියේය. එවිටත් පිරිස නිහඬව සිටියේය. ඔහු: 'හිත්තාන් ඔබ වෙන්නැති එය ප්‍රකාශ කර සිටියේ!!' යැයි පැවසීය. එවිට ඔහු: එමගින් මා අමාරුවේ දමනු ඇතැයි සැබැවින්ම මම බිය වූයෙමි. එවිට එම පිරිස අතරින් මිනිසෙකු: 'එය පවසා සිටියේ මමයි. යහපත මිස වෙන කිසිවක් එමගින් මා බලාපොරොත්තු නොවූයෙමි.' යැයි කීය. එවිට අබූ මූසා: 'නුඹලාගේ සලාතයේදී නුඹලා කුමක් පවසා සිටිය යුතු දැයි නුඹලා නොදන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් අපට දේශනයක් පවත්වා අපගේ පිළිවෙත් අපට පැහැදිලි කළහ. අපගේ සලාතය අපට ඉගැන්වූහ. එමෙන්ම එතුමාණෝ මෙසේ පවසා සිටියහ.' "නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න. ඔහු "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) පැවසූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. අල්ලාහ් නුඹලාට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි." තවදුරටත් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එය ඒ අයුරින් විය යුත්තකි.' යැයි පැවසූහ. ඔහු 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. නුඹලා වෙනුවෙන් අල්ලාහ් සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්‍රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් දන්වා ඇත. ඔහු තක්බීර් පවසා සුජූද් කළ විට නුඹලා ද තක්බීර් පවසා සුජූද් කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර සුජූද් කරයි. නුඹලාට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් එය එමගින්ම විය යුතුය. ඉඳුමෙහි සිටින විට නුඹලා අතරින් කිසිවකු පවසන පළමු ප්‍රකාශ විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නයි.
Explanation
නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ජනයාට මෙහයවීම සඳහා ඔවුන් අතරින් කෙනෙකු පෙනී සිටිය යුතුය. ඉමාම් අල්ලාහු අක්බර් යැයි ප්‍රාරම්භක තක්බීරය පවසන විට, නුඹලා ද ඒ අයුරින්ම තක්බීර් පවසන්න.* ඔහු සූරා අල් ෆාතිහා පාරායනය කර "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) යන පාඨයට ළඟා වූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. නුඹලා එලෙස කටයුතු කරන්නේ නම්, අල්ලාහ් නුඹලා ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි. නුඹලා ඔහු අබිබවා නොයා යුතුය. මක්නිසාද යත්, ඉමාම් පෙරට ගිය මොහොත, ඔහු නැඟී සිටීමෙන් පසු ඔබ ප්‍රමාද කළ එම මොහොත පිළිපැදීම ඔබට බල කෙරෙන බැවිනි. එම මොහොත ඒ අයුරින්ම විය යුතුය. නුඹලාගේ රුකූඋහි ප්‍රමාණය ඔහුගේ රුකූඋහි ප්‍රමාණය මෙන්ම විය යුතුය. ඉමාම් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. සලාත් ඉටු කරන්නන් එය පැවසූ විට, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ ප්‍රාර්ථනාවට, ඔවුන්ගේ ප්‍රකාශයට සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්‍රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් අල්ලාහ් දන්වා ඇත. පසුව ඉමාම් තක්බීර් පවසා සුජූද් කළ විට මඃමූම්වරුන් ද තක්බීර් පවසා සුජූද් කළ යුතුය. සැබැවින්ම ඉමාම් ඔවුනට පෙර සුජූද් කරයි. ඔවුනට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එම මොහොත ඒ මොහොත මෙන්ම පිහිටිය යුතුය. මඃමූම්ගේ සුජූද්හි ප්‍රමාණය ඉමාම්ගේ සුජූද් ප්‍රමාණය මෙන්ම විය යුතුය. තෂහ්හුද් සඳහා වාඩි වන විට සලාත් ඉටු කරන්නාගේ පළමු ප්‍රකාශය විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි" එනම් ආධිපත්‍යය, සදා පැවැත්ම හා සර්ව බලය යන සියල්ල උත්තරීතර අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම පස්වේල සලාතයන් සියල්ල ද අල්ලාහ් සතුය. "අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" සියලු අඩුපාඩු, අනතුරු හා දුෂ්ටකම්වලින් නිදහස ලබන්නට අල්ලාහ්ගෙන් පතන්න. අපගේ නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට විශේෂයෙන් සලාම් පවසමු. පසුව අප වෙනුවෙන් සලාම් පවසමු. පසුව තමන්ට පැවරුණු උත්තරීතර අල්ලාහ්ගේ වගකීම් හා ඔහුගේ ගැත්තන්ගේ වගකීම් ඉටු කරන දැහැමි ගැත්තන් හට සලාම් පවසමු. පසුව "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන ප්‍රකාශය පවසා සාක්ෂි දරමු.
Benefits
සලාතයේ ක්‍රියාකාරකම් හා ප්‍රකාශ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහතික කළ දැයින් විය යුතුය. වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ සුන්නාවෙහි සඳහන් නැති අලුත් කරුණු එහි එකතු කිරීම කිසිවකුට සුදුසු නැත.
ඉමාම්ට පෙර ක්‍රියා කිරීමත් ඔහුගෙන් ප්‍රමාද වී ක්‍රියා කිරීමත් සුදුසු නැත. ඉමාම් කරන ක්‍රියාවන්හි ඔහුව පිළිපැදීම මඃමූම්වරුන්ට නීතිගත කරන ලදී.
ධර්මය ප්‍රචාරය කිරීමෙහි හා තම සමූහයාට ආගමික නීති ඉගැන්වීමෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැක්වූ උනන්දුව මෙනෙහි කිරීම.
ඉමාම් මඃමූම්ගේ පෙර ගමන් කරුය. එබැවින් සලාතයේ ක්‍රියාවන් හි ඔහුව අබිබවා යෑම හෝ ඔහු සමග එකිනෙකට යෑම හෝ ඔහුගෙන් ප්‍රමාද වීම හෝ මඃමූම්ට සුදුසු නැත. නමුත් ඔහු සිදු කරන්නට යන ක්‍රියාවෙහි ඔහුගේ ප්‍රවේශය සහතික වූවායින් පසු ඔහු අනුගමනය කිරීමට මඃමූම් ආරම්භ කළ යුතුය.
සලාතයේ දී පේළි සකසා ගැනීම ආගමානුගත කරන ලද්දකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

