“නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර බෙදීම් ඇති කරනු ඇත”
Choose an available translation of this Hadeeth
Hadeeth text
නුඃමාන් ඉබ්නු බෂීර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර බෙදීම් ඇති කරනු ඇත”
මුස්ලිම් හි එන තවත් වාර්තාවක “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- ලී දඬු සමාන්තර ව තබනවාක් මෙන් අපගේ පේළිද සකස් කරයි. අප ඒ ගැන අවබෝධ කර ගෙන ඇතැයි එතුමාණන් දකින තෙක් එසේ විය. අනතුරු ව දිනක් එතුමාණන් පිටතට පැමිණ (සලාතය සඳහා) තක්බීර් ප්රකාශ කරන්නට යනවාත් සමගම තම පපුව පේළියෙන් එපිටට තැබූ මිනිසෙකු දුටුහ. එවිට එතුමාණන් “අල්ලාහ්ගේ ගැත්තනි” නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර වෙන්වීම් ඇති කරනු ඇත.”
Explanation
සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එය ප්රකාශයෙන් තම සහාභාවරු දැනුවත් කළහ. ක්රියාවෙන් ඔවුන් හැඩගැස්වූහ. තම අතින් ඔවුන් කෙළින් කරන්නට වූහ. ඔවුන් ඒ ගැන වටාහා ගෙන ඇත. අවබෝධ කර ගෙන ඇත යැයි එතුමාණන් සිතන තෙක් එසේ සිදු කළහ. එක් සලාතයකදී සහාබාවරුන්ගෙන් කෙනෙකු ඔවුන් අතර පේළියේ තම පපුව ඉදිරියට නෙරපමින් සිටිනු දුටුහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන් කෝප වී මෙසේ පැවසූහ. “නුඹලාගේ පේළි සමාන්තරව සකසා ගන්න. එසේ නොවේ නම් නුඹලා අතර අල්ලාහ් විරුද්ධත්වය ඇති කරනු ඇත.“
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

