“මම බූරු දෙනක් මත වාඩි වී ඉදිරියට පැමිණියෙමි. -එකල මම වැඩිවියට පත්වන්නට සමීප වයසක පසුවූයෙමි.- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මිනාහි කිසිදු තිරයකින් තොර ව ජනයාට සලාතය මෙහෙයවමින් සිටියහ.“
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී.
“මම බූරු දෙනක් මත වාඩි වී ඉදිරියට පැමිණියෙමි. -එකල මම වැඩිවියට පත්වන්නට සමීප වයසක පසුවූයෙමි.- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මිනාහි කිසිදු තිරයකින් තොර ව ජනයාට සලාතය මෙහෙයවමින් සිටියහ. ඇතැම් පේළි අතරින් මම පැමිණියෙමි. පසු ව මම බැස, බූරු දෙන තණ බුදින්නට යවා, පේළිය තුළට අවතීරණය වූයෙමි. නමුත් කිසිවකු ඒ සම්බන්ධයෙන් මා වැළැක්වූයේ නැත.
Explanation
රළියල්ලාහු අන්හු තුමා තව දුරටත් තමන් ඒ අවස්ථාවේ වැඩිවියට පත්වීමට සමීප වයසක පසු වූ බවත් දන්වා සිටියහ. එනම් සලාතය ඉටු කරන්නන් හට එය ඉටු කිරීමෙන් කඩාකප්පල් කාරී පිළිකුල් සහගත යම් ක්රියාවක් තමන් සිදු කර ඇත්නම් එවන් අවස්ථාවක තමන් වළක්වනු ලබන වසයක පසුවූ බවයි. එසේ තිබියදීත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හෝ එතුමාගේ සහාබාවරුන් අතුරින් කිසිවකු තමන් වැළැක්වූයේ නැත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

