“සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්න් අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්‍රියා කරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)."
Explanation
Benefits
සත්‍යය හා යහමග මත ස්ථාවරව තබන මෙන් මුස්ලිම්වරයා තම පරමාධිපති ගෙන් අඛණ්ඩව ඉල්ලා සිටිය යුතුය.
අල්ලාහ් පිළිබඳ බිය, කිසිදු හවුල් කරුවකු නැති ඒකීය වනුයේ ඔහු බව මතකයේ තබමින් ඔහු සමගම බැඳී සිටීම.
ආජුරිය්යි තුමා මෙසේ පවසයි: "සර්වබලාධාරී අල්ලාහ් තමන් ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද එමෙන්ම ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද, තවද එතුමාණන්ගේ අනුගාමිකයින් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද, ඒ අයුරින්ම සත්‍යයේ ජනයා ද ඔහු ගැන ගුණගායනා කරති. අලුත් ආගමික කටයුතු ආරම්භ නොකර, ඉන් වැළකී, නියම ස්වභාවය අනුගමනය කරන විද්වතුන්ගේ ආකල්පය මෙයයි. අහ්ලුස් සුන්නා වල් ජමාආත් නම් පිරිස අල්ලාහ් තමන් ගැන සහතික කළ නාම හා ගුණාංග කිසිදු වෙනස් කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් හෝ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමෙන් හෝ උපමා කිරීමකින් තොරව ඒ අයුරින්ම ඔහුට ස්ථාපිත කරති. අල්ලාහ් තමන් ගැන නොකියූ දැයින් ඔවුහු ඉවත්ව සිටිති. ඔහු ගැන නොකියූ මෙන්ම සහතික නොකළ දෑ ගැන නිහඬව සිටිති. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්වඥානීය සර්ව නිරීක්ෂකය."
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

