اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කර සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: «اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ».
"අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්"
(තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")
Explanation
අහෝ අල්ලාහ් මම ඔබට යටත් වූයෙමි. (වබික ආමන්තු) මම ඔබ සත්‍යය යැයි පවසා පිළිගත්තෙමි. (වඅලෙයික තවක්කල්තු) මම සියල්ල ඔබ වෙත පවරා රැඳුනෙමි. (වඉලයික අනබ්තු) මම ඔබ වෙත හැරී පිළිගත්තෙමි. (වබික හාසම්තු) ඔබේ සතුරන් සමග මම වාද කළෙමි. (අල්ලාහුම්ම ඉන්නී අඌදු) මම ඔබ වෙත යොමු වී රැකවරණය පතමි. (බිඉස්සතික) ඔබව වැළැක්වීමට හා අබිබවා යෑමට නොහැකි ඔබේ ගෞවරය තුළින්, (ලා ඉලාහ ඉල්ලා අන්ත) නැමදුමට සුදුස්සා ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. (අන් තුළිල්ලනී) ඔබේ තෘප්තයේ භාග්‍යය හා මා නොමගෙහි වැටීමෙන්, (අන්තල් හය්යු අල්ලදී ලා යමූතු) විනාශයක් නොමැති, (වල් ජින්නු වල් ඉන්සු යමූතූන්) ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.
Benefits
අල්ලාහ් මත පමණක් සියල්ල භාර කර, ඔහුගේන් ම ආරක්ෂාව පැතිය යුතුය. එයට හේතුව සැබැවින්ම අල්ලාහ් සියලු පූර්ණ ගුණාංගවලින් සංලක්ෂිත වන බැවිනි. විශ්වාස කළ හැකි එකම බලවේගය ඔහු ය. සෙසු සියලුම මැවීම් අපොහොසත් මෙන්ම මරණයත් සමගම අවසන් වී යන්නෝ වෙති. ඔවුන් විශ්වාස තැබීමට සුදුසු පිරිස නොවෙති.
දේව විශ්වාසයේ අවංකභාවය සහ උපරිම නිශ්චිතභාවය ප්‍රකාශ කරන මෙම විස්තීර්ණ හා පුළුල් වචනමාලාව සමඟ ප්‍රාර්ථනා කිරීමේදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීම.
සින්දී තුමා මෙසේ පවසයි. "අන්තල් හය්යු" (සදා ජීවමානයා) යන ප්‍රකාශය වනාහි, ආරක්ෂාව පැතිය යුත්තේ ඔබගෙන් හැර වෙනත් කිසිවකුගෙන් නොවේ යන්නය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

