කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත.
Explanation
Benefits
දජ්ජාල්ගේ කරුණ සම්බන්ධයෙන් තොරතුරු දන්වා සිටීම හා ඔහුගෙන් ආරක්ෂාව ලබන දෑ පිළිබඳ විස්තර කිරීම.
සූරා අල්-කහ්ෆ් සම්පූර්ණයෙන්ම කටපාඩම් කිරීම සඳහා උනන්දු කිරීම. ඒ සඳහා අපොහොසත් වූයේ නම්, එහි ආරම්භයේ හා අවසානයේ පවතින පාඨ දහය පාඩම් කළ යුතු වේ.
ඒ සඳහා හේතු වූ සාධක සම්බන්ධයෙන් කුර්තුබී තුමා මෙසේ දන්වයි: එහි ආශ්චර්යයන් හා ප්‍රාතිහාර්යයන් සහිත ලෙන් වැසියන්ගේ කතාව ඇතුළත් වී ඇති බැවිනි. කවරෙකු ඒ මත පදනම් වන්නේ ද දජ්ජාල්ගේ කරුණින් ඔහු මවිතයට පත්වන්නේ නැත. එය ඔහුව කම්පනයට පත් කරන්නේ නැත. එමගින් ඔහු අර්බුදයට පත් වන්නේ ද නැත. තවත් ප්‍රකාශයක: "ඔහුගෙන් වූ දැඩි දඬුවමක් ගැන අවවාද කරනු පිණිසය..." යන පාඨය එහි ඇතුළත්ව ඇති බැවිනි. එය දැඩි හා මෘදු දඬුවම නියම කර තිබීම පිළිපැදීමක් වශයෙනි. එය දජ්ජාල්ගෙන් මතුවන දෑට ගැලපෙන්නේ ය. එය දේවත්වය, ඔහුගේ ආධිපත්‍යය සහ ඔහුගේ අර්බුදයේ ශ්‍රේෂ්ඨත්වයට අභියෝග කරනු ඇත. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහුගේ විෂය බරපතල දෙයක් ලෙස සළකා ඔහු ගැන ප්‍රවේසම් වීමටත් ඔහුගේ අර්බුදයෙන් ආරක්ෂාවීමටත් උපදෙස් දී ඇත්තේ එබැවිනි. හදීසයේ අර්ථය මෙසේය: කවරෙකු මෙම පාඨ කියවා ඒවා පරිශීලනය කර එහි අර්ථය මත පදනම් වන්නේ ද ඔහු ප්‍රවේසම් විය. ඔහුගෙන් ආරක්ෂාව ලැබීය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

