افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6163[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මට ප්රාර්ථනාවක් කියා දෙන්නැයි මම පැවසුවෙමි. එතුමා: අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ෂර්රි සම්ඊ, වමින් ෂර්රි බසරී, වමින් ෂර්රි ලිසානී, වමින් ෂර්රි කල්බී, වමින් ෂර් මනිය්යී’ යනුවෙන් පවසනු.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ෂක්ල් ඉබ්නු හමීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මට ප්රාර්ථනාවක් කියා දෙන්නැයි විමසුවෙමි. එතුමා:
اللهم إني أعوذ بك من شر سمعي، ومن شر بصري، ومن شر لساني، ومن شر قلبي، ومن شر مَنِيِّي
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ෂර්රි සම්ඊ, වමින් ෂර්රි බසරී, වමින් ෂර්රි ලිසානී, වමින් ෂර්රි කල්බී, වමින් ෂර් මනිය්යී’ (අහෝ දෙවිඳුනි! මාගේ සවන්හි නපුරෙන් ද මාගේ බැල්මෙහි නපුරෙන් ද මාගේ දිවෙහි නපුරෙන් ද මාගේ හදවතෙහි නපුරෙන් ද මාගේ ශුක්රාණුවල නපුරෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි.) යනුවෙන් පවසනු. යැයි පැවසූහ.
02

Explanation

ෂක්ල් ඉබ්නු හමීද් (රළියල්ලාහු අන්හු) තුමා මෙලොව හා මතුලොව යහපත සොයමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියේය. ඔහු විනාශ වී යන මෙලොව හෝ අල්ප වස්තුව හෝ ආහාර හෝ ඉල්ලා සිටියේ නැත. නමුත් තමන්ට මෙලොව හා මතුලොව ප්රයෝජනවත් වන ප්රාර්ථනාවක් නබි තුමාණන් උගන්වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ප්රාර්ථනාවක් සොයා ගියේය. අල්ලාහ්ගේ භාග්යය හා තෘප්තිය සෙවීම සහාභාවරුන්ගේ යථාර්ථය විය. පසුව මෙම කීර්තිමත් ප්රාර්ථනාව වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට මග පෙන්වීය. එතුමා මෙසේ පවසන මෙන් ඔහුට දන්වා සිටියේය. “අල්ලාහුම්ම ඉන්නී” අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීමකි. අල්ලාහ්ගේ සියලු අලංකාර නාමයන් ඇතුළත් “අල්ලාහ්” වන ඔහුගේ නමින් ඔහු වෙත හැරීමකි. “අඌදු බික මින් ෂර්රි සම්ඊ” එනම් අභූත චෝදනා, දේව ප්රතිෂේපිත වදන්, කටකතා, දහම පිළිබඳ අඩුපාඩු වැනි මිනිසාගේ සවනට වැටෙන තහනම් දෑහි හානියෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් මම ආරක්ෂාව පතමි යන්නයි. “වමින් ෂර්රි බසරී” අසභ්ය දර්ශන, නොමනා චිත්රපට වැනි තහනම් කරන ලද දර්ශන වෙත තම නෙත් යොමු වීමෙන් ආරක්ෂාව පතමි යන්නයි. “වමින් ෂර්රි ලිසානී” එනම් බොරු සාක්ෂි පැවසීම, බැණ වැදීම, ශාප කිරීම දහම හා එහි වැසියන් ගැන අඩුපාඩු කීම මිනිසාට අවශය නොමැති දෑ කතා කිරීම, කතා කිරීමට අවශ්ය දෑ පිළිබඳ කතාව අතහැර දැමීම යනාදී ලෙසින් දිවෙන පිටවන සියලුම තහනම් සහගත දැයින් ආරක්ෂාව පතමි. “වමින් ෂර්රි කල්බී” එනම් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් තොරව හදවත ක්රියා වීම. එසේ නැතහොත් බලාපොරොත්තුව, බිය, ගරුබුහුමන් කිරීම වැනි හදවත හා බැඳුනු ගැතිකම් අල්ලාහ් නොවන දෑ වෙත යොමු කිරීම. එසේත් නැතහොත් පරමාධිපතියාණන් වෙත යොමු කළ යුතු හදවත හා බැඳුණු නැමදුම් අතහැර දැමීම වැනි දැයින් ආරක්ෂාව පැතීමයි. “වමින් ෂර් මනිය්යී” එනම් ලිංගික අවයවයෙන් සිදුවන හානියයි. එය අල්ලාහ් තහනම් කළ දෑහි වැටීමය. එසේ නැතහොත් අපචාරය පොළඹවන අසභ්ය දසුන්, ස්පර්ශය, ඒ වෙත ගමන් කිරීම එය හදවතින් සිතීම වැනි දෑහි වැටටීමෙන් ආර්ක්ෂාව පැතීමයි. ශරීර අවයවවලට අවශ්ය ආරක්ෂාව මෙම සමෘද්ධිමත් ප්රාර්ථනාව තුළ ඇත. එය අල්ලාහ්ගේ ආශිර්වාදයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙහි අණ කර ඇත්තේ මෙම ආශිර්වාදවල හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන මෙනි. ‘ඇහුන්කන් දීමෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි’ යැයි පවසනවාක් සේ එම ආශිර්වාදවල ආරක්ෂාව පතන මෙන් අල්ලාහ් නියෝග කළේ නැත. ඊට හේතුව එය ආශිර්වාදයකි. එමගින් අල්ලාහ්ව නැමදුමට ලක් කෙරෙයි. එයින් ආරක්ෂාව පතන තරමට එය පිවිතුරු බවින් නපුරක් වන්නේ නැත. නමුත් එයින් මතුවන නපුරෙන් ආරක්ෂාව පැතිය යුතු වේ. ඒ වෙනුවෙන් මවන ලද දෑ පිළිබඳ අවධානය යොමු කරමින් එය ආරක්ෂා කළ යුතු වේ. එමගින් දෙවියන්ට පිටුපාන ක්රියාවන් සඳහා ඉදිරිපත් නොවිය යුතුය. ඉතා පහත් දෑ එමගින් පැතිරිය නොයුතුය. ඊට හේතුව සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ආශිර්වාද පිළිබඳව වග ගියනු ලබන බැවිණි. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය තහවුරු වන්නේය. “නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නොසිටිනු. නියත වශයෙන්ම ශ්රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය.” (අල් ඉස්රා: 36)

Attribution

[ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...