අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන් සුජූද් කරන තෙක් අප අතරින් කිසිවකු හෝ තම පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව අපි සුජූද් කරන්නන් ලෙස නැමුනෙමු
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු යසීද් අල්-කත්මී විසින් වාර්තා කරන ලදී. බරා තුමා මට මෙසේ පවසා සිටියේය. 'ඔහු මුසාවාදියෙකු නොවීය'. ඔහු මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන් සුජූද් කරන තෙක් අප අතරින් කිසිවකු හෝ තම පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව අපි සුජූද් කරන්නන් ලෙස නැමුනෙමු.
Explanation
Benefits
ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසයි: "මෙහි (සලාතයේ ඉරියව්වක දී) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තැන්පත් වීමේ දිගුව පෙන්වා දී ඇත."
මඃමූම්වරයෙක් ඉමාම්ව පිළිපැදීමේ දී ඔහුට තත්ත්වයන් හතරක් ඇත. 1. කලින් කිරීම. එනම් ඉමාම්ට පෙර යමක් කිරීම ආරම්භ කිරීම. එනම් ඉමාම් සලාතයේ එක් මූලිකාංගයක් වෙත යාමට පෙර මඃමූම් ඒ වෙත යෑම. උදාහරණයක් ලෙස ඉමාම් රුකූඋ කිරීමට පෙර රුකූ කිරීම හෝ ඉමාම් සුජූද් කිරීමට පෙර සුජූද් කිරීම වැනිය. මෙය තහනම් කරන ලද්දකි. මෙය තහනම් කරනු ලැබූවක් බව දැන දැනම කලින් ඉටු කරන්නේ නම් සැබැවින්ම ඔහුගේ සලාතය අවලංගු වී යයි. එය එක් ඉරියව්වකින් ඉමාම්ට පෙර කළත් ඉරියව්වක් වෙත යෑමේ දී ඔහුට පෙර කළත් එක සමානය. එය ආරම්භක තක්බීරයේ වී නම් සලාතය වලංගු වන්නේ නැත. සලාතය අලුතින්ම නැවත ඉටු කළ යුතු ය. 2- අනුගත වීම. එනම් ඉමාම්ට අනුගත වීමය. ඔහු රුකූඋ කරනවාත් සමග රුකූඋ කිරීම, ඔහු සුජූද් කරනවාත් සමග සුජූද් කිරීම, ඔහු නැවෙනවාත් සමග නැවීම යනාකාරයෙනි. එය පිළිකුල් තත්ත්වයන්හි අවම තත්ත්වයයි. සාධක සමග බලන කල මතුපිට අදහස නම් තහනම් කරන ලද්දක් බවයි. ආරම්භක තක්බීරයේදී ඉමාම්ට අනුගත වූ විට ඔහුගේ සලාතය වලංගු වන්නේ නැත. ඔහු නැවත ඉටු කළ යුතු වේ. 3- අනුගමනය කිරීම. එනම් ඉමාම්ගෙන් පසුව ප්‍රමාදයකින් තොරව සලාතයේ ක්‍රියාවන් ඉටු කිරීමය. සුන්නාවට අනුගත වූ ආගමානුගත පිළිවෙත එයයි. 4. ප්‍රමාද වීම එනම් අනුගමනය කිරීමේ අර්ථය ඉවත් වන තරමට ඉමාම් වරයාගෙන් ප්‍රමාද වීම ය. උදාහරණ ලෙස ඉමාම් වරයා රුකූඋ කරන අවස්ථාවේ මඃමූම් වරයා ඉමාම් රුකූවෙහි සිට ඉහළට ඒමට සමීප වන තරමට සිටගත් ඉරියව්වේම පසුවීමය. මෙය ආගමට පටහැනිය. එය හරාම් ය. නමුත් ඔහුට අසනීපයක් හෝ වයෝවෘද්ධභාවයක් වැනි හේතුවක් මත වී නම් හැර.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

