කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත
Choose an available translation of this Hadeeth
Hadeeth text
උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ පුත් අබාන් විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට සවන් දුන් උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි. කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්‍රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත. කවරෙකු එය උදෑසන තුන්වරක් පවසන්නේ ද සවස් කාලය දක්වා හදිසි අනතුරු ඔහුට සිදුවන්නේම නැත. තවදුරටත් ඔහු මෙසේ වාර්තා කළේය: අබාන් ඉබ්නු උස්මාන් අල්-ෆාලිජ්ට එලෙස රෝගයක් අත්විය. ඔහුගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස බැලුවේය. එවිට හෙතෙම ඔහුට ඔබ මා වෙත බලන්නේ ඇයිදැ?යි විමසා සිටියේය. අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොකීවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත බොරුවක් කීවේ ද නැත. නමුත් අද දින මට වැළඳී ඇත්තේ මට වැළඳෙන්නට නියම වූ දෑය. මම කෝප වූයෙමි. එබැවින් එය පැවසීමට මම අමතක කළෙමි.
Explanation
සවස් කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේද උදෑසන එළැඹෙන තෙක් හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදුවන්නේ නැත. උදේ කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේ ද සවස් කාලය එළැඹෙන තෙක් ඔහුට හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදු වන්නේ නැත.
මෙම හදීසය වාර්තා කළ අබාන් ඉබ්නු උස්මාන් තුමා ට අල්-ෆාලිජ් නැමැති රෝගයක් හට ගැණින. එය(අංශභාගය වැනි) ශරීරයේ එක් කොටසක් අඩපණ වීමය. අබාන්ගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස විමතියෙන් බලන්නට විය. එවිට හෙතෙම එම පුද්ගලයාට: ඔබ මා දෙස බලනුයේ ඇයි? අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොපැවසුවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මත බොරුවක් පවසාද නැත. නමුත් අද දින මා වෙත වැළදී ඇත්තේ මා පවසන්නට අල්ලාහ් නියම කළ දෑය. කෝපය මට ඇති විය. එබැවින් සඳහන් කළ මෙම වදන් පෙළ පවසන්නට මම අමතක කර දැමුවෙමි.
Benefits
අල්ලාහ් පිළිබඳ හා අල්ලාහ්ගේ දූතයාණන් කවර කරුණක් දන්වා සිටියේ ද එය තහවුරු කිරීමෙහි මුල් මුතුන්මිත්තන් තුළ තිබූ බලවත් විශ්වාසය.
උදෑසන කාලයේ හා සවස් කාලයේ මෙම දිකරය පැවසීමට නියම කර තිබීමේ හරය නම්, මුස්ලිම්වරයා ඒ ගැන සැළකිලිමත් වී, සැබැවින්ම තමන් උත්තරීතර අල්ලාහ්ගේ ගැත්තෙකු බව නිරන්තරයෙන්ම ඔහුගේ සිතට ගෙන ඒමය.
අල්ලාහ්ව මෙනෙහි කරන්නාගේ විශ්වාසය, ඔහු තබන භක්තිය, අවංක ලෙස හා විශ්වාසයෙන් යුතුව ඒ ගැන ඔහුගේ සිතට ගැනීම යනාදී දෑහි ප්‍රමාණයට අනුව මෙම ප්‍රාර්ථනාවේ බලපෑම සහතික වනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

