ප්‍රධාන ඉස්තිග්ෆාරය
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට ෂද්දාද් ඉබ්නු අව්ස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ප්‍රධාන ඉස්තිග්ෆාරය (පාපක්ෂමාව අයැදීම) වනුයේ ගැත්තා මෙසේ පැවසීමය.
اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ
(අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු إِلَّا أَنْتَ
නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව දහවල් කාලයේ පවසා එදින සවස් වන්නට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි. එමෙන්ම කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව රාත්‍රී කාලයේ පවසා උදෑසන උදා වීමට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ද ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි.
Explanation
(අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) ගැත්තා පළමුව අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගනියි. සැබැවින්ම ඔහු ඔහුගේ මැවුම්රු බවත් නැමදුමට සුදුස්සා ඔහු බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් පිළිගනියි. එමෙන්ම සුවිශුද්ධ අල්ලාහ් විශ්වාස කිරීමටත් තමන්ට හැකි පමණින් ඔහුට අවනත වීමටත් ඔහු සමග ගිවිස ගත් ගිවිසුම ද පිළිගනියි. හේතුව ගැත්තා නැමදුම් ඉටු කළද අල්ලාහ් නියෝග කළ සියලුම දෑ ක්‍රියා කිරීමට අපොහොසත් වන බැවින් හා ආශිර්වාදයන්ට තුති පුදන්නට අනිවාර්යය වන දෑ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැවිනි. සැබැවින්ම ඔහු යොමු වන්නේ අල්ලාහ් වෙතය. ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය. සැබැවින්ම ගැත්තා කළ නපුරින් ආරක්ෂාව පතනු ලබන්නා ඔහුය. තවද ඔහු කෙරෙහි වන ඔහුගේ ආශිර්වාදය පිළිගනී. ඔහු ස්වේච්ඡාවෙන් තම පාපය සහ අකීකරුකම පිළිගෙන පාපොච්චාරණය කිරීමෙන් ඔහු වෙත නැවත යොමු වේ. මෙසේ අල්ලාහ්ගෙන් කණ්ණලව් කළ පසු ව, තම පාපය වසන් කරමින් හා ඔහුගේ සමාව, ඔහුගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව තුළින් එහි පවතින බලපෑමෙන් ආරක්ෂාව පතමින් තමන්ට සමාව දෙන මෙන් තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටියි. සර්ව බලධාරී අල්ලාහ් හැර පාපකම්වලට සමාව දෙන්නට වෙනත් කිසිවෙකු නැත. උදෑසන හා රාත්‍රියේ කරන ප්‍රාර්ථනා අතරින් මෙය ද එකක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. කවරෙකු එය දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, එහි අර්ථය වටහා ගෙන, ඒ ගැන විශ්වාස කරමින් එදින ආරම්භයේ හිරු උදා වීම හා එය මුදුණට යෑම අතර කාලයේ -එය දහවල් කාලයයි- මෙය පවසා මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. කවරෙකු මෙය රාත්‍රියේ පවසා -එය හිරු අවරට යෑමේ සිට අළුයම උදාවන දක්වා වූ කාලයයි- උදෑසන වීමට පෙර මිය ගියේ ද ඔහු ද ස්වර්ගයට පිවිසෙනු ඇත.
Benefits
මෙය ඉස්තිග්ෆාර් අතර ප්‍රධානතම ඉස්තිග්ෆාරය වන බැවින් මෙම ප්‍රාර්ථනාව පවසා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමට ගැත්තා උනන්දු විය යුතුය
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

