HadeethEnc · 1.24.0
කන්යාවියක් ඇගෙන් අවසර පතන තෙක් විවාහ කර දෙනු නොලැබේ. මෙය අසා සිටි එතුමාණන්ගේ සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇය විසින් අවසරය ලැබිය කෙසේද?” යැයි විමසුහ. එවිට එතුමාණන්: “ඇය නිහඬව සිටීම” (ඇගේ අවසරය) යි" පැවසුහ.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කන්යාවියක් ඇගෙන් අවසර පතන තෙක් විවාහ කර දෙනු නොලැබේ. මෙය අසා සිටි එතුමාණන්ගේ සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණනි! ඇයගේ අවසරය කෙසේ වන්නේද?” යැයි විමසුහ. එවිට එතුමාණන්: “ඇය නිහඬව සිටීම” (ඇගේ අවසරය) යි” පැවසුහ.
02
Explanation
විවාහ ගිවිසුම යනු තියුණු ගිවිසුමකි. කාන්තාවක් වඩාත් ආරාක්ෂාව ලබන සහකාරයකු එමගින් අනුමත කර ගනී. ඔහු ඇයගේ සැමියාය. මෙම ගිවිසුම මගින් තම සැමියා අබියස ඇය කොටු වන්නීය. එබැවින් මහා කාරුණික, ප්රඥාවන්ත, සාධාරණනීය, නීති සම්පාදකයාණන් ඇයගේ ජීවිතයේ සුදුසු සහකරුවෙක් තෝරා ගැනීමටත් ඇය දෑසින් බලා ඔහුව තෝරා ගැනීමටත් අනුමැතිය දුන්නේය. ඔහු සමග ජීවත් වීමට කැමත්ත පළ කර යුත්තේ ඇයයි. ඇයගේ කැමැත්ත හා නැඹුරුව වඩාත් හොදින් දන්නා ඇයමය.
එබැවින් කාන්තාවක්, ඇයව විවාහ කර දීම සඳහා ඇයගේ නියෝගය පතා ඇය නියෝග කරන තෙක් විවාහ කර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේ එබැවිණි.
එමෙන්ම කන්යාවියක් පවා, ඒ සඳහා ඇයගෙන් අවසරය පතා ඇය අවසර දෙන තෙක් විවාහ කර දීම ද තහනම් කළහ. බොහෝ විට කන්යාවියන් ලැජ්ජාසහගත වන බැවින් වඩාත් සැහැල්ලු දෙයකින් ඇයගේ කැමැත්ත ප්රකාශ කිරීම ප්රමාණවත් වන්නේය. එය ඇය පිළිගත් බවට ඇයගේ නිහඬතාව සාධකයක් කර ගැනීමට ප්රමාණවත් වනවාක් මෙන් ඇයගේ අනුමැතිය පිහිටීමය.

Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares