افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#58067[صحيح]
HadeethEnc · 1.24.0

කවර හෝ කාන්තාවක් ඇයගේ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව විවාහ වූවා ද ඇයගේ විවාහය වලංගු නැත යැයි තුන්වරක් පවසා, ඇය සමග පහස විද ඇති බැවින් ඇයට පිරිනමන ලද විවාහ ත්‍යාගය ඇය සතු වේ. භාරකරුවන් ගැටලු ඇති කර ගත්තේ නම් භාරකරුවකු නොමැති වන අයට භාරකරු වනුයේ පාලකයා ය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවර හෝ කාන්තාවක් ඇයගේ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව විවාහ වූවා ද ඇයගේ විවාහය වලංගු නැත යැයි තුන්වරක් පවසා, ඇය සමග පහස විද ඇති බැවින් ඇයට පිරිනමන ලද විවාහ ත්‍යාගය ඇය සතු වේ. භාරකරුවන් ගැටලු ඇති කර ගත්තේ නම් භාරකරුවකු නොමැති වන අයට භාරකරු වනුයේ පාලකයා ය."
02

Explanation

කාන්තාවක් ඇගේ භාරකරුවන්ගේ අනුමැතියෙන් තොරව විවාහ වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඇගේ විවාහය වලංගු වන්නේ නැත. මෙය එතුමාණෝ තුන්වරක් පවසා සිටියහ. එය සිදු නොවිය යුත්තක් විය.

ඇගේ භාරකරුගේ අවසරයෙන් තොරව විවාහ කරගත් අයකු ඇය සමග පහස විඳ තිබේ නම්, ඇගේ යෝනි මාර්ගය හරහා සංසර්ගයේ නිරත වීම හේතුවෙන් මුළු මහර් ප්‍රමාණයම ඇය සතු විය යුතුය.

විවාහ ගිවිසුමේ භාරකාරත්වය ගැන සම භාරකරුවන් අතර ගැටලු ඇති වී නම්, ඇගේ යහපත නිරීක්ෂණය කරමින් ඔවුන් අතරින් පෙරටුගාමියකු හට ගිවිසුමේ වගකීම පැවරේ. එසේ භාරකරු ඇයව විවාහ කර දීමෙන් වැළකී සිටියේ නම්, ඇය භාරකරුවකු නොමැති තැනැත්තියක් මෙනි. එවිට පාලකයා හෝ කාදිවරයා හෝ ඔවුන් මෙන් කටයුතු භාරව කටයුතු කරන්නකු ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. මෙවැනි තත්ත්වයක් නොවී නම්, භාරකරුවකු සිටිය දී පාලකයාට ඇයගේ භාරකරුවකු විය නො හැක.
03

Benefits

විවාහය වලංගුවීම සඳහා භාරකරුවකුගේ අවශ්‍යතාව එක් කොන්දේසියකි. මීට පටහැනි යමක් කිසිදු සහාබිවරයකු විසින් වාර්තා වූ බවට වාර්තාවක් තමන් නො දන්නා බව ඉබ්නුල් මුන්දිර් තුමා විසින් ප්‍රකාශ කර ඇත.
වලංගු රහිත විවාහයක දී විවාහ වූ එම පුද්ගලයා ඇය සමග ලිංගිකව ඇසුරු කර ඇත්නම් මහර් මුදල ඇයට නියම වනු ඇත.
කාන්තාවකට භාරකරුවකු නොමැති නම් ඇගේ භාරකරු ලෙස පාලකයා පෙනී සිටිනු ඇත. එය පැවැත්මෙන්ම භාරකරුවකු නොවූව ද ඇයව විවාහ කර දීමට ඔහු වැළකී සිටිය ද එක සමානය.
භාරකරවකු නොමැති අයගේ භාරකරු ලෙස පාලකයා සලකනු ලැබේ. භාරකරුවකු නොමැති අවස්ථාවක හෝ ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක ඔහුගේ ස්ථානයේ කාදිවරයා පෙනී සිටිනු ඇත. ඊට හේතුව මෙම ප්‍රශ්නයේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටින අයකු අවශ්‍ය වන බැවිනි.
විවාහ කර දීමේ දී භාකරුවකුගේ අවශ්‍යතාව ඇයගේ අයිතිය ඇයට අහිමි කරන්නක් නොවේ. ඇය සතු අයිතිය ඇයට හිමිය. ඇගේ අවසරයෙන් තොරව ඇයව විවාහ කර දීමට ඇගේ භාරකරුට අනුමත වන්නේ නැත.
වලංගු විවාහයක කොන්දේසි වනුයේ: පළමුවැන්න, විවාහ දිවියට පිවිසෙන යුවලක සෑම සාමාජිකයකුම ඒ ගැන ඇඟවීමෙන් හෝ නම් කිරීමෙන් හෝ විස්තර කිරීමෙන් හෝ එවැනි වෙනත් ක්‍රමයකින් හෝ විවාහය නියම කර ගැනීම. දෙවැන්න: යුවලක සෑම සාමාජිකයකුම අනෙකාව පිළිගැනීම. තුන්වැන්න: කාන්තාවක් සඳහා ඇගේ භාරකරු ගිවිසුමේ භාරකාරත්වය දැරීම. සිව්වැන්න: විවාහ ගිවිසුම සඳහා සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීම.
විවාහ ගිවිසුමට භාරකාරත්වය දරණ භාරකරු තුළ තිබිය යුතු කොන්දේසි වනුයේ: පළමුවැන්න, සහජ බුද්ධිය තිබීම, දෙවැන්න, පිරිමියෙකු වීම, තුන්වැන්න, වැඩිවියට පත්ව සිටීම. එනම් වයස අවුරුදු පහළොවට හෝ ශුක්‍ර මෝචන අවදියට එළැඹීම. සිව්වැන්න: එකම ආගමක් වීම. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නකු මුස්ලිම්වරයකුට හෝ මුස්ලිම් කාන්තාවකට හෝ භාරකරුවකු විය නොහැකි අතර මුස්ලිම්වරයකු දේවත්වය ප්‍රතික්ෂේප කරන පිරිමියකුට හෝ කාන්තාවකට හෝ භාරකාරත්වය දැරිය නො හැක. පස්වැන්න: දූෂිතකම් නැති යුක්ති සහගත අයකු වීම. ඇයව විවාහ කර දීමේ කටයුත්ත භාරගන්නා අයකු තුළ එහි යහපත ගැන සලකා බලන අයකු වීම ඇයට ප්‍රමාණවත්ය. හයවැන්න: භාරකරු අඥානයකු නොවී මගපෙන්වන්නෙකු විය යුතුය. එනම් විවාහයේ යහපත හා ඒ ගැන ප්‍රමාණවත් සේ දන්නා හඳුනන හැකියාව ඇති අයකු වීම.
විවාහකර දීමේ දී කාන්තාව සඳහා භාරකරුවන් පත් කිරීමේ පිළිවෙලක් ඉස්ලාමීය නීතිධාරීන් අතර පවතී. සමීපතම භාරකරුවා නොමැති අවස්ථාවක හෝ ඔහුගේ කොන්දේසී සම්පූර්ණ නොවූ අවස්ථාවක මිස ඔහු අබිබවා කටයුතු කිරීම සුදුසු නැත. කාන්තාවකගේ භාරකරු විය යුත්තේ ඇගේ පියාය. පසුව ඇය සම්බන්ධයෙන් අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇති තැනැත්තාය. පසුව ඇගේ පිය පාර්ශවයේ සීයාය. ඒ අනුව පෙළපතින් ඉහළට පිළිපැදිය යුතුය. පසුව ඇගේ දරුවාය. පසුව දරුවාගේ දරුවන්ය. එසේ පහළට පිළිපැදිය යුතු වේ. පසුව දෙමාපියන්ගේ සහෝදරයන්ය. (එක කුස උපන් සහෝදරයන්ය) පසුව පිය පාර්ශවයේ සහෝදරයන්ය. පසුව පිය පාර්ශවයේ මහප්පා හා බාප්පාවරුන්ය පසුව ඔවුන්ගේ දරුවන්ය. පසුව වඩාත් සමීප ඥාතීන්ය. දේපළ උරුමය මෙන් වඩාත් උරුමකම් පාන ඥාතීන්ය. මුස්ලිම් පාලකයාය. එමෙන්ම භාරකරුවකු නොමැති අවස්ථාවක භාකරුවකු ලෙස පෙනී සිටීමට අවසරය ඇති කාදිවරයා මෙන් කටයුතු භාර තැනැත්තාය.

Attribution

[رواه أبو داود والترمذي وابن ماجه وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...