“නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ ‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට
اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ
‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු.
Explanation
Benefits
අල්ලාහ් වෙත යොමු වීම ඔහු මැවූ දෑහි හානියෙන් ඔහුගෙන් ආරක්ෂාව පැතීම.
සුළඟ ඇතැම් විට යහපත නියම කරන අතර ඇතැම් විට නපුර නියම කරනු ඇත.
බින් බාස් තුමා මෙසේ පවසයි: සුළඟට දොස් කීම පාපකම්හි එකතුවකි. මක්නිසාද යත් සැබැවින්ම එය යහපත හා අයහපත ගෙන දෙන සැළසුම් සහගත මැවීමක් වන බැවිනි. එබැවින් එයට දොස් නැගීම සුදුසු නැත. "අල්ලාහ් සුළඟ විනාශ කරත්වා! අල්ලාහ් සුළඟ නැති කරත්වා! මෙම සුළඟෙහි අල්ලාහ් අභිවෘද්ධිය තබා නැත' යනාදී ලෙස නො පැවසිය යුතු ය. නමුත් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයකු ක්‍රියා කළ යුත්තේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට මග පෙන්වූ ආකාරයෙනි.
උණුසම, සීතල, හිරු රෂ්ණය, දූවිලි නැගීම යනාදී අල්ලාහ් මැවූ හා ක්‍රියාත්මක කරන අනෙකුත් ස්වභාවික දෑ සම්බන්ධයෙන් ද සුළඟට දොස් කීම හෝ බැණ වැදීම තහනම් යන කරුණ සසඳා ක්‍රියා කළ යුතු වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

