“ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي (අහෝ දෙවියනි! මට මග පෙන්වන්න. මට ඍජු මග ආශිර්වාද කරන්න)" යනුවෙන් පවසන්න. මඟ පෙන්වීම ඉල්ලා සිටින විට, ඔබ ගමන් කළ යුතු දිශාව ගැන සිතන්න, ඍජු මඟ ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ගැන සිතන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට පැවසූ බව පවසමින් අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي (අහෝ දෙවියනි! මට මග පෙන්වන්න. මට ඍජු මග ආශිර්වාද කරන්න)" යනුවෙන් පවසන්න. මඟ පෙන්වීම ඉල්ලා සිටින විට, ඔබ ගමන් කළ යුතු දිශාව ගැන සිතන්න, ඍජු මඟ ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ගැන සිතන්න.
Explanation
යහමග යනු: සත්‍යය විස්තරාත්මකව හා සමස්තයක් ලෙස වටහා ගෙන එය බාහිරව මෙන්ම අභ්‍යන්තරව ද අනුගමනය කිරීමේ භාග්‍ය ලැබීම වේ.
අස්-සදාද් යනු: එය සත්‍යය මත නිසි අයුරින් පදනම්ව සියලු කරුණුවල සාර්ථකත්වය සහ ස්ථාවරත්වය පැතීමය. එය වචනය, ක්‍රියාව සහ විශ්වාසය තුළ පවතින ඍජු මාර්ගයයි.
මක්නිසාද යත් සදාචාරමය කාරණය හැඟීම් දැනීම් තුළින් පැහැදිලි වන බැවිනි; ඔබ මෙම ප්‍රාර්ථනාව (එනම් අල්-හුදා: ඔබව ඍජු මාර්ගයට යොමු කිරීම ගැන) පවසන විට, මෙනෙහි කළ යුතු කරුණ වනුයේ: මගියකු තමන් ගමන් කරන මඟ ලබන්නාක් මෙන් ඔබට මඟ පෙන්වන මෙන් හදවතින්ම ඔබ ඉල්ලා සිටීමය. මන්ද මගියෙකු නිවැරදි මාර්ගයෙන් මං මුලා වී නොයෑමට නම් දකුණට හෝ වමට හෝ හැරී මාර්ගයෙන් බැහැර නොයයි. එමගින් ඔහු ආරක්ෂාව සාක්ෂාත් කර ගනු ඇත. ඔහුගේ ඉලක්කය වෙත ඉක්මනින් හඹා යනු ඇත.
(ඍජු මග: හීයේ මාර්ගය) ඔබ හීයක් ඉලක්ක කර විඳින විට එය වේගයෙන් යෑමත් ඉලක්කය වෙත සේන්දු වීමත් දැක ගත හැක. දුනු හේවායකයකු ඉලක්කයක් වෙත හී විදින විට හී තුඩ ඉලක්ක කර ගනී. එලෙස ඔබ ඍජු මාර්ගයක් අදිෂ්ඨානකර එය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ලබනවාක් මෙන් ඍජුව පතන්න. එවිට ඔබේ ඉල්ලීම තුළ යහමගේ අරමුණ හා ඉලක්කයේ අවසානය ලබනු ඇත.
එබැවින් මෙම අරුත ඔබේ හදවතට ගන්න. එවිට ඔබ අදිෂ්ඨාන කරන දෑ ලබනු පිණිස, ඉලක්ක කර විදින්නට ඔබ භාවිතා කරන හීයක ස්වරූපය මෙනෙහි කරමින් එය ඉල්ලා සිටින්න.
Benefits
ආශිර්වාදය හා යහමග ලබනු පිණිස මෙම වචන මාළාව පවසා ප්‍රාර්ථනා කර සිටීම උචිතය.
ගැත්තකු, ඔහුගේ සියලුම කටයුතුවල දී අල්ලාහ්ගෙන් උදව් පැතිය යුතු වේ.
උගන්වන අවස්ථාවක උදාහරණ හා උපමා ගෙනහැර පෑම.
යහමග පැතීම හා තත්ත්වය විධිමත් කරන මෙන් පැතීම අතර ඒකාබද්ධ කිරීම. ඇසිපිය ගසන තරමට හෝ ඉන් ඉවත් නොවී ඒ මත අඛණ්ඩව සිටීමට පැතීම. අපේක්ෂාවන් විධිමත් කර ගැනීම. "මට මග පෙන්වනු මැනව" යනු යහමග හරහා ජීවනමඟ සකසා ගැනීමයි. තවද "මා ඍජු මඟ ගමන් කරවනු මැනව" යනු නිවැරදිව කර ගැනීමට සහ ඔහු යන යහමඟෙහි මං මුලා නොවීමට සහාය ලබා දෙන්න යන්නයි.
"දාඉ" හෙවත් ප්‍රාර්ථනාව සිදු කරන්නා, තම ප්‍රාර්ථනාව වැදගත් කොට සැළකිය යුතුය. ඔහුගේ ප්‍රාර්ථනාවේ අරුථ ඔහුගේ සිත තුළ ගෙන ආ යුතුය. ප්‍රාර්ථනාව පිළිගැනීමට වඩාත් උචිතම වන්නේ මෙයයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

