ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික, වඅග්නිනී බිෆළ්ලික අම්මන් සිවාක්" තේරුම: අහෝ දෙවිඳාණනි! ඔබ විසින් තහනම් කළ දැයින් වැළකී ඔබ නිත්‍යානුකූල කළ දැයින් මා සෑහීමට පත් කරනු මැනව. ඔබේ භාග්‍යය තුළින් ඔබෙන් තොර අන් අයගෙන් මා අවශ්‍යතා රහිත අයකු බවට පත් කරනු මැනව
Choose an available translation of this Hadeeth
Hadeeth text
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නිදහස ලියන ලද වහල් තැනැත්තෙකු එතුමා වෙත පැමිණ මෙසේ ප්‍රකාශ කළේය: "සැබැවින්ම මට මාගේ ලියවිල්ල ඉටු කර ගැනීමට අපොහොසත් වී ඇත. එබැවින් මට උදව් කරන්න." එතුමා මෙසේ පැවසූහ. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට ඉගැන්වූ වදන් කිහිපයක් මම ඔබට කියා දිය යුතු නොවේ ද! සීර් කන්ද මෙන් ඔබට ණය තිබුණ ද ඔබ වෙනුවෙන් අල්ලාහ් එය ඉටු කර දෙනු ඇත." පසුව මෙසේ පවසා සිටියහ. ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික, වඅග්නිනී බිෆළ්ලික අම්මන් සිවාක්" තේරුම: අහෝ දෙවිඳාණනි! ඔබ විසින් තහනම් කළ දැයින් වැළකී ඔබ නිත්‍යානුකූල කළ දැයින් මා සෑහීමට පත් කරනු මැනව. ඔබේ භාග්‍යය තුළින් ඔබෙන් තොර අන් අයගෙන් මා අවශ්‍යතා රහිත අයකු බවට පත් කරනු මැනව.
Explanation
Benefits
දැනුම ඇති මිනිසුන් හා සර්වබලධාරී අල්ලාහ් වෙත ඇරයුම් කරන්නන් විසින් එසේ ඇරයුම් කරනු ලබන්නන්ට මඟ පෙන්විය යුතු අතර ඔවුන් වෙත ඉදිරිපත් වන ගැටළු සඳහා ඔවුන්ට උපකාර වන දේ වෙත ඔවුන්ට මඟ පෙන්විය යුතුය.
නිදහස ලියා නියම වූ වහලුන් හට උපකාර කිරීමට දිරිගැන්වීම.
මෙම ප්‍රාර්ථනාව හැදෑරීමට හා ඒ ගැන අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමට දිරි ගැන්වීම.
අනුමත පෝෂණය, එය සුළු ප්‍රමාණයකින් වුව ද අධික වුව ද, එය තහනම් ධනයට වඩා උතුම් වන්නේය.
සෙසු මැවීම්වලට අතපෑමෙන් තමන්ව පොහොසත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම.
ඉල්ලා සිටින්නා ඔබෙන් ඉල්ලන දෑ දීමට ඔබට කිසිවක් නොමැති නම් යහපත් ලෙස ඔහුට ප්‍රතිචාර දැක්වීමට උනන්දු කිරීම.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

