''බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කරමින් මුහම්මද් තුමාණන්ගේ පවුල් වටා ගොස් ඇත. ඔවුන් (සැමියන්) ඔබ අතරින් හොඳම අය නොවේ.''
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉයාස් ඉබ්නු අබ්දිල්ලාහ් ඉබ්නු අබී දුබාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ''අල්ලාහ්ගේ සේවිකාවන්ට පහර නොදෙන්න.'' පසුව, ‘උමර් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණ මෙසේ පැවසීය: ''කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී අකීකරු වී ඇත." එබැවින් ඔවුන්ට පහර දීමට අවසර ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කාන්තාවන් අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුල් වටා පැමිණ තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කළහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ''බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කරමින් මුහම්මද් තුමාණන්ගේ පවුල් වටා ගොස් ඇත. ඔවුන් (සැමියන්) ඔබ අතරින් හොඳම අය නොවේ.''
Explanation
Benefits
පහර දීම, බහින්බස් වීමේ ප්‍රතිකාරයේ අවසන් අදියරය බවට අල්ලාහ් නියම කර ඇත. ඔහු මෙසේ පවසයි: "...ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අය වනාහි ඔවුනට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව දුරස් කරනු. තවද ඔවුනට (තරවටු කිරීමක් වශයෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් ය." මෙම කරුණු තුන අනුපිළිවෙලින් සිදු විය යුත්තකි. එකම වේලාවේ සියල්ල සිදු නොකළ යුතුය. පළමුව දේශනාව, උපදෙස මෙනෙහි කිරීම යනාදියෙන් ආරම්භ කළ යුතුය. එය ප්‍රයෝජනවත් වූයේ නම් සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. එය ප්‍රයෝජනවත් නොවූයේ නම් නිදියහනින් ඇය ව වෙන්කළ යුතුය. එය ද ප්‍රයෝනජවත් නොවූයේ නම් පළිගැනීමේ පහරදීමක් ලෙස නොව, විනය හැදීමක් ලෙස සුළු පහරක් දිය යුතුය.
තම නිවසේ ගෘහ පාලකයා පුරුෂයයා. එබැවින් ප්‍රඥාව හා යහපත් උපදෙස් තුළින් ඔවුන් හසුරුවා ඔවුන්ගේ විනය සෑදිය යුතුය.
තම තීන්දුව සම්බන්ධයෙන් විද්වතෙකුගෙන් උපදෙස් ලබා ගැනීමේ අවසරය. එය එහි ප්‍රතිවිපාක සහ ප්‍රතිඵල දැන ගනු පිණිසය.
පැමිණිලිකරුට හානියක් සිදුවුවහොත්, ඔහු පාලකයාට හෝ විද්වතාට පැමිණිලි කිරීමට අවසර ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

