සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත."
Explanation
Benefits
අල් කුර්ආනය පුරුද්දක් ලෙස අඛණ්ඩ ව කියවීම, දිවට නතු වන අතර එය කියවීම ඔහුට පහසු වනු ඇත. එය ඔහු අත්හැර දැමූ විටෙක කියවීමට අපොහොසත් වන අතර එය දුෂ්කර කාර්යයක් වනු ඇත.
අල්-කාළි තුමා මෙසේ පැවසීය: "අල් කුර්ආනය සමග බැඳුනු තැනැත්තා" යනු එයට ඇල්ම දක්වන තැනැත්තාය. සහායකයාය. එනම් ආදරය කරන්නාය. මේ තැනැත්තාගේ සහකරු මේ තැනැත්තා යැයි හා ස්වර්ග උයනේ සගයෝ හා අපා ගින්නේ සගයෝ යැයි පවසන්නාක් මෙනි.
දඃවා හෙවත් යහපත වෙත ඇරයුම් කිරීමේ මාධ්‍යයක් වන්නේ උදාහරණ හා උපමා ගෙන හැර පෑමය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙහිදී ඔටුවා ගැන විශේෂයෙන් පවසා ඇත්තේ, ඌ (තම ස්වාමියා විගසින්) අමතක කර දමා පළායන සතුන් අතරින් දැඩි සතෙකු වන බැවිනි. එමෙන්ම ඌ පළා ගිය පසුව නැවත සොයා ගැනීම දුෂ්කර කාර්යයකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

