اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ، وَغَلَبَةِ الْعَدُوِّ، وَشَمَاتَةِ الْأَعْدَاءِ අහෝ දෙවිඳුනි! ණය බරින් ද, සතුරා ඉක්මවා යාමෙන් ද, සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පහත සඳහන් මෙම වචනවල් පවසා ප්‍රාර්ථනා කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් බින් අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ، وَغَلَبَةِ الْعَدُوِّ، وَشَمَاتَةِ الْأَعْدَاءِ
අහෝ දෙවිඳුනි! ණය බරින් ද, සතුරා ඉක්මවා යාමෙන් ද, සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි.
Explanation
පළමුවැන්න: اللَّهُمَّ إِنِّي أَعُوذُ (අහෝ දෙවිඳුනි! මම ආරක්ෂාව පතමි.) මම සරණ පතමි. රැකවරණය පතමි. بِكَ (ඔබගෙන්) වෙනත් කිසිවකුගෙන් නොව, مِنْ غَلَبَةِ الدَّيْنِ (ණය බරින්) එහි බලපෑමෙන් ඉන් ඇතිවන දුකෙන් හා හානියෙන් ආරක්ෂාව පතමි. එය ගෙවා පියවීමට උපකාර කරන මෙන් මම ඔබෙන් පතමි.
දෙවනුව: وَغَلَبَةِ الْعَدُوِّ (සතුරා ඉක්මවා යාමෙන් ද) ඔහුගේ බලපෑමෙන් හා ආධිපත්‍යයෙන් මම ආරක්ෂාව පතමි. ඔහුගේ හානිය වළක්වාලන මෙන් ද ඔහුට එරෙහිව උපකාර කරන මෙන් ද මම පතමි.
තුන්වැන්න: ، وَشَمَاتَةِ الْأَعْدَاءِ (සතුරන් සතුටු වීමෙන් ද) මුස්ලිම්වරුන්ට ඇතිවන පරීක්ෂණ හා ව්‍යසනයන් දැක ඔවුන් සතුටු වීමෙන් ද මම ආරක්ෂාව පතමි.
Benefits
පොදුවේ ණය ගැනීම වරදක් නැත. නමුත් වැරද්ද ඇත්තේ ණය ආපසු නොගෙවන තැනැත්තා අතෙහිය. මෙයයි ණය බර වනුයේ.
දොස් නගනු ලබන හා චෝදනා කරනු ලබන කරුණුවලින් මිනිසා වැළකී සිටිය යුතුයි.
දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරු, දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් කෙරෙහි දක්වන සතුරුකම හා ඔවුනට යම් ව්‍යසනයක් ඇති වූ අවස්ථාවක මොවුන් සතුටු වීම ගැන පැහැදිලි කිරීම.
මිනිසාට අත් වූ යම් පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුරන් විසින් ඔවුන්ගේ සතුට හෙළි කිරීම, එයම මිනිසාගේ පීඩනය තව තවත් දැඩි කරනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

