اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලා ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කරන්නෙක් වූහ: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ
(අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)
Explanation
පළමුව: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි) එනම් මෙලොව හා මතුලොව ආශිර්වාදයන් අහිමි වීමෙන් ආරක්ෂාවය. එමෙන්ම ඉස්ලාමය මත ස්ථාවරත්වය ද, ආශිර්වාද අහිමි කරන පාපකම්වල වැටීමෙන් දුරස් කරන මෙන් ද ඉල්ලා සිටිමි.
وَتَحَوُّلِ عَافِيَتِكَ (ඔබ වෙතින් වූ සුවය වෙනතකට පෙරළීමෙන් ද) එය පරීක්ෂණයක් දක්වා පරිවර්තනය වීමෙන් ද ආරක්ෂාව පතමි. සදා සුවය මෙන්ම සියලුම දුක් වේදනාවන් හා ලෙඩ රෝගවලින් සුවය මම ඔබෙන් පතමි.
තුන්වැන්න: وَفُجَاءَةِ نِقْمَتِكَ (ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ආරක්ෂාව පතමි) එනම් පරීක්ෂණ හා ව්‍යසන ඇතිවීමෙන් ආරක්ෂාව පතමි. දඬුවම් හා දුක් කරදර අනපෙක්ෂිත ලෙස එකවර ඇති වූ විටෙක පාපක්ෂමාවෙහි නිරත වීමට හෝ එය සහනයක් ලබා ගැනීමට හෝ කාලයක් නැත. එමගින් ඇතිවන අර්බුධය බිහිසුණුය. අති මහත්ය.
සිව්වැන්න: وَجَمِيعِ سَخَطِكَ (ඔබේ සියලු කෝපයන්ගෙන් ද) ඔබේ කෝපයට තුඩු දෙන හේතු සාධකවලින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ කවරෙකු කෙරෙහි කෝප වූයේ ද සැබැවින්ම ඔහු පරාජය අත් කර ගත් අතර පාඩු ලැබුවේය.
සුවිශුද්ධ අල්ලාහ්ගේ කෝපයට හේතුවන සියලුම ප්‍රකාශ, ක්‍රියාවන් හා විශ්වාසයන් ඇතුළත් වන පරිදි මෙම වචන එකතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ගෙන ආහ.
Benefits
ලබා ඇති ආශිර්වාදවලට කෘතගුණ සැලකීම සඳහාත්, පාපකම්හි වැටීමෙන් ආරක්ෂා ලැබීම සඳහාත් ආශිර්වාද කරන මෙන් වූ ප්‍රකාශ මෙම ආරක්ෂාව පැතීමේ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව තුළ ඇතුළත් වේ. එසේ වීමට හේතුව සැබැවින්ම එය නිසා ආශිර්වාද ගිලිහී යන බැවිනි.
උත්තරීතර අල්ලාහ්ගේ කෝපයට තුඩු දෙන අවස්ථාවලින් දුරස්වීම සඳහා උනන්දු කරවීම.
උත්තරීතර අල්ලාහ්ගේ උදහස අනපේක්ෂිත ලෙස පැමිණීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආරක්ෂාව පැතූහ. එසේ ගැත්තාට යම් ව්‍යසනයක් පහළ වූ විට එය වළක්වා ගත නොහැකි පරීක්ෂණයක් ලෙස ඔහුට එය නියම වනු ඇත. එමෙන්ම සෙසු සියලු දනන් එක් වුව ද එය වැළැක්වීමට නොහැකි වනු ඇත.
සුවිශුද්ධයාණන් ආශිර්වාද කළ සුවය හා ආරෝග්‍යමත් භාවය පෙරළී යාමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ආරක්ෂාව පැතූහ. ඊට හේතුව අල්ලාහ් යමෙකුට ඔහුගේ සුවය හා ආරෝග්‍යමත්භාවය ඔහුට නියම කළ විට දෙලොවෙහි යහපත ඔහු ලබනු ඇත. නමුත් එය ඔහුගෙන් ඉවත් වී වෙනස් වූයේ නම් දෙලොවෙහි නපුර ඔහුට අත්වනු ඇත. සැබැවින්ම සුවය හා ආරෝග්‍යමත්භාවය ඇත්තේ ආධ්‍යාත්මික හා භෞතික යහපත මත පදනම්වය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

