رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රාර්ථනාව අයැදිමින් සිටි බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)
Explanation
رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي අහෝ දෙවියනි! මාගේ වරදට, එනම් පාපයට සමාව දෙනු මැනව وَجَهْلِي මාගේ අනුවනකමට, එනම් කිසිම දැනුමකින් තොරව මගෙන් සිදුවන දෑට සමාව දෙනු මැනව!
وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියට එනම් මා විසින් සිදුවන අඩුපාඩුවට හා සීමාව ඉක්මවා යෑම්වලට මට සමාව දෙනු මැනව!
وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑට එනම්, අහෝ දෙවිඳුනි! මට අමතක වී ඇති ඔබ දැන සිටින දෑට සමාව දෙනු මැනව!
اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي මාගේ පාපයන්ට මා උවමනාවෙන් කළ දෑට, එනම් මා විසින් උවමනාවෙන්ම සිදු කළ, මා දැන දැනම කළ පාපයන්ට සමාව දෙනු මැනව!
وَجَهْلِي وَهَزْلِي මාගේ අනුවනකමට හා මාගේ උපහාසයට එනම්, මෙම තත්ත්වයන් දෙකෙහි මා විසින් සිදුවුණු දෑට මට සමාව දෙනු මැනව!
وَكُلُّ ذَلِكَ عِنْدِي ඒ සියල්ල මා වෙතින් වූවකි. එනම්, මෙනෙහි කරන ලද පාපයන් හා අඩුපාඩු මා රැස්කළ දෑය.
اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ අහෝ දෙවියනි! මා පෙර කළ දෑට එනම්, මා සිදු කළ දෑට හා وَمَا أَخَّرْتُ මා පසු කළ දෑට, එනම් සිදුවන්නට යන දෑට සමාව දෙනු මැනව.
وَمَا أَسْرَرْتُ මා රහසිගතව රහසේ කළ දෑට وَمَا أَعْلَنْتُ මා ප්‍රසිද්ධියේ හෙළිපිට කළ දෑට මට සමාව දෙනු මැනව.
أَنْتَ المُقَدِّمُ ඔබයි ප්‍රාරම්භක, එනම් ඔබේ මැවීම් අතරින් ඔබ කැමති අය ඔබ පිළිගත් බැවින් ඔබේ ආශිර්වාදය තුළින් ඔබේ කරුණාව වෙත කල් ඇතිව ඇතුළත් කරන්නෙහිය. وَأَنْتَ المُؤَخِّرُ ඔබ කැමති අය ඔබ අවමානයට පත් කරමින් ඔබ ප්‍රමාද කරන්නෙහිය. ඔබ ප්‍රමාද කළ දෑ ඉක්මන් කරන්නෙකු නැත. ඔබ ඉක්මන් කළ දෑ ප්‍රමාද කරන්නෙකු නැත.
وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. එනම්, සම්පූර්ණ බලය ඇති, සම්පූර්ණ අභිමතය ඇති, ඔබ අභිමත කරන සියලු දෑ මැනවින් සිදු කරන්නාය.
Benefits
නාස්තියෙන් වැළැක්වීම. සැබැවින්ම නාස්ති කරන්නා දඬුවමට භාජනය කරනු ලැබේ.
උත්තරීතර අල්ලාහ් මිනිසා පිළිබඳ මැනවින් දන්නාය. එහෙයින් ඔහු ඔහුගේ කටයුතු අල්ලාහ් වෙත යොමු කළ යුතුය. හේතුව ඔහු නොදැනම ඔහු විසින් වැරදි සිදු වන්නට ඉඩ ඇති බැවිනි.
පුද්ගලයෙකු ඕනැකමින් කෙනෙකු හාස්‍යයට ලක් කිරීම නිසා මතුලොවෙහි දඬුවමට ලක් වන්නාක් මෙන් විහිළු කිරීමෙන්ද ඔහු දඬුවමට ලක් විය හැක. එබැවින් පුද්ගලයෙකු විහිළු කිරීමේ දී ප්‍රවේශම් විය යුතුය.
ඉබ්නු හජරුල් අස්කලානී තුමා මෙසේ පවසයි: මෙලෙස ප්‍රාර්ථනා කරන තැනක් එතුමාණන්ගේ කිසිම ක්‍රමයක මා දුටුවේ නැත. එහි අවසාන කොටස බොහෝමයක් විය...එතුමාණන් එය රාත්‍රී නැමදුමෙහි පවසා ඇති සේම සලාතය අවසානයේ ද එය පැවසීමට ද පුරුදුව සිටියේය. එතුමාණන් එය කීවේ සලාමයට පෙරද පසුද යන්න සම්බන්ධයෙන් විවිධ වාර්ථා දක්නට ඇත. එහි වදන් සඳහන් වී ද ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමාව ඉල්ලා සිටින තරමට වැරදි කර තිබේ ද? එසේ එතුමාණන් පවසා සිටියේ තම නිහතමානීකම හා ආත්ම දමනය හේතුවෙනි. එසේ නැතහොත් පූර්ණ ලෙස ඉටු කිරීමට අපොහොසත් වී, වඩාත් යහපත් දේ අත්හැරීමට සිදුවීම එතුමාණන් පාපයක් ලෙස සිතූ බැවිනි. එසේත් නැතහොත් අමතක වීමකින් සිදු වූ කරුණක් හේතුවෙනි. එසේත් නැතහොත් නබිත්වයට පෙර සිදූ වූ කරුණු හේතුවෙනි. යැයි ප්‍රකාශ වී ඇත. එමෙන්ම ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාවෙහි නිරතවීම නැමදුමක් වන බැවින් එය පිළිපැදීම අනිවාර්යය කරුණක් වේ. එය කළ පාපයකට සමාව ඉල්ලීමක් නොව නැමදුමක් වශයෙන් ඉටු කිරීමකි යැයි ද ප්‍රකාශ වී ඇත. තවත් ප්‍රකාශයක, එය තම ජනතාව විශ්වාස නොකර හිඳ, ඉස්තිග්ෆාර් කිරීම අත්හැර නො දමනු පිණිස ඔවුන් අවදි කිරීම හා දැනුම්වත් කිරීම පිණිසය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

