“අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී. වඅස්ලිහ් ලී දුන්යාය, අල්ලතී ෆීහා මආෂී. වඅස්ලිහ් ලී ආකිඃරතී, අල්ලතී ඉලයිහා මආදී. වජ්අලිල් හයාත සියාදතන් ලී මින් කුල්ලි කයිරින්. වජ්අලිල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්.” තේරුම: (අහෝ අල්ලාහ්! මාගේ සියලු කාර්යයන්හි ආරක්ෂාව වූ මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව. මාගේ ජීවිතය රැඳී පවතින ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව. එමෙන්ම මා ආපසු හැරි යෑමට තිබෙන මතු ජිවිතය ද විධිමත් කර දෙනු මැනව. කුසල් ක්‍රියාවන් අධිකව කිරීම සඳහා මගේ ආයුෂ දීර්ඝ කරනු මැනව. සියලු උවදුරුවලින් සහන ලබන අයුරින් මාගේ මරණය පහසු කරනු මැනව.”
Explanation
“අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී”(යා අල්ලාහ්! මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව) එනම් පූර්ණ ස්වරූපයෙන් යුතු විධිමත් විනයන් තුළින් එය ක්‍රියාත්මක කිරීම සඳහා මට ආශිර්වාද කරන මෙනි.
“අල්ලදී හුව ඉස්මතු අම්රී” (මාගේ ජීවිතය රැඳී පවතින ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව.) එනම් මාගේ සියලුම කටයුතු සඳහා ආරක්ෂාව සලසනු මැනව. මාගේ දහම දූෂිත වූයේ නම් මාගේ කටයුතු ද දූෂිත වනු ඇත. මා කලකිරෙනු ඇත. මා විනාශ වනු ඇත." යන්නයි. අපේක්ෂිත දහමේ විධිමත් භාවය මෙලොවෙහි විධිමත් භාවයෙන් තොරව සම්පූර්ණ වන්නේ නැත.
“වඅස්ලිහ් ලී දුන්යාය” (මාගේ ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව!) එය මා වෙත ශරීර සුවය, ආරක්ෂාව, ජීවන සම්පත්, දැහැමි බිරියන් හා ගුණවත් පරම්පරාවක් හා ා හට අවශ්‍ය දෑ පිරිනැමීමෙනි. එය මට අනුමත විය යුතුය. ඔබට අවනත වීම සඳහා මට උපාකාරයක් විය යුතුය. පසුව එහි විධිමත් භාවය ඉල්ලා සිටීමේ කරුණු ද මෙනෙහි කළහ. එය මෙසේ පවසමිනි:
“අල්ලතී ෆීහා මආෂී" (මාගේ ජීවිතය රැඳී පවතින දෑ) එනම් මාගේ ජීවිතයේ මා වාසය කරන ස්ථානය හා මාගේ ආයු කාලය වේ.
“වඅස්ලිහ් ලී ආකිඃරතී, අල්ලතී ඉලයිහා මආදී." (එමෙන්ම මා ආපසු හැරි යෑමට තිබෙන මතු ජිවිතය ද විධිමත් කර දෙනු මැනව.) ඔබව හමු වීම සඳහා මා නැවත හැරී යන ස්ථානය, -එම මාගේ ක්‍රියාවන් විධිමත් කිරීමෙනි.- නැමදුම් කිරීමට හා අවංක චේතනාවෙන් යුතුව කටයුතු කිරීමට අල්ලාහ් ගැත්තා හට ආශිර්වාද කිරීම හා යහපත් අවසානය යනාදියයි.
මෙලොවට පසු මතුලොව යන පිළිවෙලින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පෙළ ගැස්සූහ. මන්ද පළමු තැන දෙවන තැන විධිමත් කර ගැනීමට මාධ්‍යයක් වන්නේය. කවරෙකු ඔහුගේ මෙලොව ජීවිතය තුළ අල්ලාහ්ගේ අභිමතයට අනුගත වෙමින් ස්ථාවරව සිටියේ ද ඔහු වෙනුවෙන් වූ ඔහුගේ මතුලොව ජීවිතයත් ස්ථාවර වන්නේය. එහි ඔහු ප්‍රීතියෙන් සිටිනු ඇත.
"වජ්අලිල් හයාත" (මගේ ජීවිතය පත් කරනු මැනව) ජීවිත කාලය පුරාවටම, "සියාදතන් ලී මින් කුල්ලි කඃයිරින්" (කුසල් ක්‍රියාවන් අධිකව කිරීම සඳහා) මා එහි අධික ලෙස ධාර්මික ක්‍රියාවන් සිදු කිරීම සඳහා, "වජ්අලිල් මව්ත" (මගේ මරණය නියම කරනු මැනව!) මාගේ මරණය පත් කරනු මැනව, "රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්" අකීකරුකම, නොසැලකිලිමත්කම, පීඩාව හා අර්බුද වලින් මිදීමක් ලෙස හා මෙලොව පවතින දුක්කරදර හා පීඩාවන්ගෙන් මිදී සැනසුම උදා කර ගැනීමක් ලෙස ය.
Benefits
දහම මිනිසාට ආරක්ෂාවකි. සෑම නපුරු ක්‍රියාවකින්ම එය ඔහුව වළක්වාලයි.
ලෞකික කටයුතු සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කළ යුත්තේ ආගමික කටයුතු හා මතුලොව ජීවිතය විධිමත් කිරීමේ හේතු සාධක මතය.
ආගම තුළ අර්බුධ ඇති වීමට බියෙන් මරණය ප්‍රිය කිරීම හෝ ෂහීද් හෙවත් දේව මාර්ගයේ මිය යෑමට අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම පිළිකුල් සහගත නොවන්නේය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

