සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)
Explanation
Benefits
සුළු පාපයන් මහා පාපයන්ට පෙර සඳහන් කෙරී ඇත්තේ ප්‍රශ්න කරන්නා ඔහුගේ ප්‍රශ්නය තුළ උත්සන්න වන බැවිනි. එනම් ඔහු කුඩා ප්‍රමාණයේ සිට එහි වර්ධනයක් ලබන බැවිනි. එමෙන්ම බොහෝ විට මහා පාපයන් මතු වන්නේ සුළු දෑ කෙරෙහි යොමු වන බැවින් සහ ඒවා ගැන අවධාරණය නො කරන බැවින් හා ඒවාට නොසැලකිලිමත් නිසාය. එය මහා පාපයන් වෙත යොමු කරන මාධ්‍යයක් මෙන් වනු ඇත.
උත්තරීතර අල්ලාහ්ට තම යටහත්භාවය පෙන්වීම, සුළු සහ මහා යන සියලුම පාපයන් සඳහා ඔහුගෙන් සමාව අයදීම.
නවවි තුමා මෙසේ පවසයි: මෙහි ඇතැම් වචන තවත් ඇතැම් වචනවලට ප්‍රයෝජනවත් නොවූව ද ප්‍රාර්ථනාව ගැන සහතික කිරීමක් ඒ සම්බන්ධ බොහෝ වචන මෙහි ඇතුළත් වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

