HadeethEnc · 1.24.0
“තම වස්ත්‍රය උඩගු කමින් බිම ගාවා ඇදගෙන යන අය දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නො බලනු ඇත.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “තම වස්ත්‍රය උඩගු කමින් බිම ගාවා ඇදගෙන යන අය දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නො බලනු ඇත.”
02
Explanation
උඩගුකමින් හා අහංකාරකමින් වස්ත්‍රය හෝ වේට්ටිය හෝ වළලු කරට පහළින් එල්ලී පවතින පරිදි ඇඳ පැළඳ ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. කවරෙකු එසේ සිදු කළේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් කාරුණික බැල්මෙන් නොබලන දැඩි අවවාදයට සුදුසුකම් ලබන අයකු බවට පත්වනු ඇත.
03
Benefits
වස්ත්‍රය යනුවෙන් අදහස් කරනුයේ ශරීරයේ පහළ කොටස ආවරණය කරන සරම, වේට්ටිය, වස්ත්‍රය හා වෙනත් එවැනි දෑය.
විශේෂයෙන් එසේ එල්ලී බිම ගෑවෙන පරිදි ඇඳුම් ඇඳීම තහනම් කර ඇත්තේ පිරිමි පාර්ශවයටය. නවවි තුමා මෙසේ පවසයි: "කාන්තාවන් එසේ එල්ලෙන පරිදි ඇඳුම් ඇඳීමට අවසර ඇති බව විද්වත්හු එකඟතාව පළකර ඇත." නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි සහීහ් හදීසයක ඔවුන්ගේ පහළ ඇඳුම රියනක් තරම් එල්ලෙන පරිදි අඳින්නට ඔවුනට අවසර ඇත යැයි සඳහන් වී ඇත.
බින් බාස් තුමා මෙසේ පවසයි: "හදීසයේ පොදු අදහසට අනුව ඇඳුම එල්ලී බිම ගෑවෙන තරමට ඇඳීම වළක්වනු ලද්දක් මෙන්ම තහනම් කරන ලද්දකි. එහි දඬුවම සම්බන්ධයෙන් ගත් කල, එය වෙනස් වන අතර සමාන වන්නේ නැත. මන්ද උඬඟුකමින් ප්‍රදර්ශනය කිරීම එමගින් අදහස් කළ අයෙකු, එසේ නොකළ අයෙකුට සමාන නොවන බැවිනි."
බින් බාස් තුමා තවදුරටත් මෙසේ පසවසයි: "කාන්තාව යනු මුළුමණින්ම ආවරණය කළ යුත්තකි. එබැවින් වියතක් තරම් එය එල්ලීමට ඉඩ හැරීම තහනම් කරනු ලැබූවක් නොවේ. එය ද ප්‍රමාණවත් නොවේ නම් රියනක් තරම් වළලු කරේ සිට එල්ලන්නට ඉඩ හැරීමට ඇයට අවසරය ඇත.
කාළී තුමා මෙසේ පවසයි: "විද්වත්හු පවසනුයේ, අවශ්‍යතාවට හා සුපුරුදු පරිදි දිගින් හා පළලින් යුත් ඇඳුමට අමතරව ඇති සියලු දෑ සමස්තයක් වශයෙන් ප්‍රතික්ෂේප කළ යුතුය. මැනවින් දන්නා අල්ලාහ්ය."
නවවි තුමා මෙසේ පවසයි: වඩාත් යෝග්‍යය ප්‍රමාණය වනුයේ කමිස ලෝගුවේ හෝ වේට්ටියේ වාටිය පහළට එල්ලා තැබීමේදී කෙණ්ඩයේ අඩක් දක්වා ප්‍රමාණයයි. නමුත් එම ප්‍රමාණයේ සිට වළලුකර දක්වා අතර වන ප්‍රමාණය ඔහුට වරදක් නැත. ඊට වඩා පහළින් ඇති කොටස නිරයට අයත් ය. වඩාත් යෝග්‍යයතම ප්‍රමාණය කෙණ්ඩයෙන් අඩක් දක්වා වූ සීමාවයි. කිසිදු විරුද්ධතාවකින් තොවර වළලු කර දක්වා පහළට ඇඳීමට අවසරය ඇත. නමුත් වළලුකරට වඩා පහළින් පවතින දෑ තහනම් කරනු ලැබූවකි.
ඉබ්නු උසෙයිමීන් මෙසේ පවසයි: "අල්ලාහ් ඔහු දෙස නොබලයි" එනම් අල්ලාහ් කරුණාවෙන් හා ආදරයෙන් නොබලයි යන්න ය. පොදු බැල්ම මින් අදහස් කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ්ට කිසිවක් වසන් වෙන්නේ නැති බැවිනි. ඔහුගේ බැල්මට කිසිවක් සැඟවෙන්නේ නැත. නමුත් මෙහි අදහස් නම්, කරුණාවේ හා ආදරයේ බැල්මය.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares