HadeethEnc · 1.24.0
“මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ඇද ගෙන යන්නේද, අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ඇද ගෙන යන්නේද, අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
02
Explanation
සැබැවින්ම "පිරිමියකුගේ වේටිටිය තිබිය යුත්තේ කෙසේදැ?"යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පිරිමියකුගේ පහළ කොටස ආවරණය කළ යුතු දෑ සඳහා තත්ත්වයන් තුනක් තිබේ. පළමුවැන්න: වඩාත් යෝග්‍යය වනුයේ කෙණ්ඩයේ අඩක් දක්වා පවතින කොටස ආවරණය කිරීමය. දෙවැන්න කිසිදු හෙළා දැකීමකින් තොරව අනුමත කොටස. එය වළලු කර දක්වා වූ කොටසයි. එය පාදය කෙණ්ඩ සන්ධියේ ඉදිරියට නෙරා ඇති අස්ථි දෙකය. තුන්වැන්න: තහනම් කොටස එනම් වළලු කරට වඩා පහළින් පිහිටන සේ ඇඳීමය. එහිදී අපා ගින්න ඔහුට නියම වීම ගැන ඔහු බිය විය යුතුයි. එය ඔහු අහංකාරයට ප්‍රදර්ශනයට හා අපරාධී ලෙස සිදු කර ඇත්නම් අල්ලාහ් ඔහුගේ ආශිර්වාද බැල්මෙන් ඔහු දෙස බලන්නේ නැත.
03
Benefits
මෙම පැහැදිලි කිරීම හා අවවාදය පිරිමින්ට පමණ ය. කාන්තාවන් වනාහි ඔවුන්ගේ මුළු ශරීරයම ආවරණය කිරීමට නියෝග කර ඇති බැවින් ඔවුන් මෙයින් ව්‍යතිරේක වනු ඇත.
මිනිසකුගේ පහළ කොටස ආවරණය කරන සරම්, වේට්ටි, දිගු කලිසම් වැනි දෑ "ඉදාර්" යනුවෙන් හැඳින්වේ. ඒවාද හදීසයේ සඳහන් කර ඇති ශරීආ නිතිය තුළට ඇතුළත් වේ.
මිනිසකුගේ පහළ කොටස ආවරණය කරන සරම්, වේට්ටි, දිගු කලිසම් වැනි දෑ "ඉදාර්" යනුවෙන් හැඳින්වේ. ඒවාද හදීසයේ සඳහන් කර ඇති ශරීආ නිතිය තුළට ඇතුළත් වේ.
Attribution
[رواه أبو داود وابن ماجه وأحمد]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

